හාල් වැඩෙත් ෆේල්!

rice

රටේ සහල් ඒකාධිකාරියක් පවත්වාගෙන යන මහාපරිමාණ වී මෝල් හිමියන් කීපදෙනාගේ බලපෑම මත රජය ක්‍රියාත්මක කිරීමට ගිය සහල් මිල පාලන වැඩපිළිවෙළ සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වීම නිසා වෙළෙඳ ඇමති බන්ධුල ගුණවර්ධන හා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ දැඩි කලකිරීමකට පත් වී සිටින බව රජයේ ආංචි මාර්ග ලංකාසරට හෙළිදරවු කරයි.

ගොවීන්ගෙන් රජයේ පාලන මිලට වඩා වැඩි මිලක් ගෙවා වී තොග රැස් කර ගබඩා කරගෙන වෙළෙඳපලේ සහල් මිල හිතූ ලෙස වැඩිකරමින් පාලනය කරන ජාවාරම් කරුවන් කිහිපදෙනෙකුගේ  ඒකාධිකාරිය බිඳ දැමීම සඳහා වෙළෙඳ ඇමති බන්ධුල ගුණවර්ධන හා කෘෂිකර්ම ඇමති මහින්දානන්ද අලුත්ගමගේ විසින් යෝජනා කර තිබූ වැඩපිළිවෙළ වූයේ රජය නියම කරන පාලන මිලට වඩා වැඩි මිලකට වී තොග මිලදී ගෙන ඒකාධිකාරියක් ඇති කිරීම නතර කිරීමය.

ඒ සඳහා රජයත් මහාපරිමාණ මෝල් හිමියන් හා සුළු හා මධ්‍යපරිමාණ මෝල් හිමියන් ද අතරමැදි තොග එකතු කරන්නන්ද සමග සාකච්ඡා කර එකඟතාවයකට පැමිණි බව ඇමති වරු කීහ.


මේ තත්වය තවදුරත්  නියාමනය කිරීමට වැඩි මිලට වී මිල දී ගෙන සහල් තොග රැස් කරන අයගේ සහල් තොග රාජසන්තක කිරීමට නීති ගෙනන බවත්,    වෙළෙඳපලේ සිල්ලර සහල් මිල   පාලනය කිරීම සඳහා අනුමත මිලට වැඩි මිලට සහල් අලෙවි කරන්නන්ට රුපියල් ලක්ෂයක දඩයක් නියම කරමින් ගැසට් නිවේදනයක්  පාරිභෝගික අධිකාරිය හරහා නිකුත් කරන බවත් වෙළෙඳ ඇමති බන්දුල ගුණවර්ධන පාර්ලිමේන්තුවේ දී කීවේය.  කෙසේ වෙතත් පාරිභෝගික සේවා අධිකාරිය පවතින්නේ බන්දුල ගුණවර්ධන වෙලෙඳ ඇමතිවරයා යටතේ නොව, ලසන්ත අලගියවන්න රාජ්‍ය ඇමතිවරයා යටතේය.

එහෙත් මහා පරිමාණ මෝල් හිමියන්ගේ අදිසි හස්ථයන්හි අතපෙවීම් සමග මේ වනවිට විවිධ හේතු දක්වමින් රජය එම තීන්දු මගහරිමින් සිටින බව වෙළෙඳපල ආරංචි මාර්ග හෙළිදරවු  කළේය.

“ කිසිම දෙයක් වෙලා නෑ. පුරුදු විදිහටම මහා පිරිමාණ මෝල් හිමියෝ අතරමැදි තොග රැස් කරන මිනිස්සු වැඩිමිලට වී මිලදී අරන් අපූරුවට තොග රැස් කරනවා.    මේ කන්නයෙ වී අස්වැන්නත් ඔවුන් මිලදී අරන් ඉවර වෙනකම් ඔය ගැසට් එක ගහන්නෙ නෑ. තවදුරටත් මේ හාල් මිල පාලනය කරන්නේ පුරුදු මෝල් අධිකාරියම තමයි.   “

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ පිළිබඳව කළ විමසීමක දී සමස්ථ ලංකා සුළු හා මධ්‍යපරිමාණ මෝල් හිමියන්ගේ සංගමයේ සභාපති කේ.ඩී.රංජිත් ලංකාසරට පැවසීය.

Exit mobile version