හාමත් වූ වන අලි පැටියෙක් සිහි මුර්ජා වී ඇදවැටිලා…

දිනසේන රතුගමගේ –

ආහාර ගැනීමේ අපහසුතාවය මත අවුරුදු හතරක් පමණ වයස අලියෙකු මුලතිව් කුමුලමුනේ කරඩිපුවරසන්කුලම් ප්‍රදේශයේ  කුඹුරක් අසල ඇද වැටී සිටියදී 2 දා වන ජීවී නිලධාරීන්ට හමු වී තිබේ.

කුඹුර අයිති ගොවියා විසින් මේ බව වන ජීවී නිලධාරීන්ට දැණුම් දීමෙන් පසුව වහාම එම ස්ථානයට ළගා වූ වන ජීවී නිලධාරීන් පිරිසක් නිරාහාරව සිටීම නිසා  හිහි මූර්ජා වූ වන අලියාට ප්‍රතිකාර ලබාදීම ආරම්භ කොට තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


හක්කපටස් බෝම්බයකට හසු වීමෙන් හෝ වෙනත් හේතුවක් නිසා මෙම වන අලියාට ආහාර ගැනීමේ දැඩි අපහසුතාවයක් පැන නැගී ඇති අතර වන ජීවී නිලධාරී කණ්ඩායමක් පළාතේ යුද හමුදා නිලධාරීන්ගේද  සහය මත වන අලියාට ප්‍රතිකාර ලබා දීම ආරම්භ කොට තිබේ.


Exit mobile version