හරීන් ප්‍රභාකරන් ‍කෙනෙක් නෙවෙයි ඔහු 24 පැයම රකිනවා

විපක්ෂ නායක සජිත් කියයි

පාර්ලිමේන්තු මන්ත්‍රි හරීන් ප්‍රනානදු මහතාගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් පැය විසි හතර මුළුල්ලේම තමන් ඇතුලු සමගි ජනබලවේගය පෙනී සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. විපක්ෂ නායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද මහනුවර පැවැති රැස්වීමකදීය.

වර්තමාන රටේ ජනාධිපතිතුමා ඊයේ රැස්වීමකදී හරීන් ප්‍රනාන්දු මහතා පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් දැක්වූ ප්‍රතිචාරය තුළ යම් තර්ජනයක් තබා ඇති බවත් ඔහු ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ අදහස් දැක්වූ බවත් පෙන්වා දුන්නේය.

“හරීන් ප්‍රනාන්දු මැතිතුමා පාර්ලිමේන්තුවේ කතාවක් කළේ සමගි ජනබලවේගයේ ජනතා නියෝජිතයෙක් විදිහට. එතුමාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය. එතුමා කළ කතාව පිළිබඳව වර්තමාන ජනාධිපතිතුමා දැඩි ප්‍රතිචාරයක් දැක්වුවා ප්‍රජාතන්ත්‍රවාදී රටක එතුමා ඒ දැක්වූ දැඩි ප්‍රතිචාරය බරපතල ප්‍රකාශයක්. ප්‍රජාතන්ත්‍රවාදී රටක් තුළ සිදු නොවිය යුතු දෙයක් හැටියට. ප්‍රභාකරන්ගේ විනාශය සහ ඝාතනය පිළිබඳව අපිට කිසිම ගැටලුවක් නෑ. මගේ පියාණන් ඇතුළු දස දහස් ජනතාව ම්ලේච්ඡ ලෙස ඝාතනය කළ ත්‍රස්තවාදියාගේ මරණය පිළිබඳව කිසිදු ගැටලුවක් නෙවෙයි. හරීන් ප්‍රනාන්දු කියන්නේ ත්‍රස්තවාදියෙක් නෙවෙයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රජාතන්ත්‍රවාදී අරගලය තුළ නිදහස්ව නිවහල්ව තමන් විශ්වාස කරන මතය ඉදිරිපත් කරන්නට සිටින අභීත නිර්භීත තරුණ නායකයෙක් . අපේ දේශපාලන බලව්ගයේ අනාගත නායකයෙක්. මේ පාර්ලිමේන්තුව තුළ කතාවක් කරනකොට හැමෝම මතක තබා ගත යුතු ඒක වරප්‍රසාද ලත් දෙයක්. මන්ත්‍රිවරයකු ලද ඒ වරප්‍රසාදයට අභියෝග කිරීම සුදුසු නෑ.

Exit mobile version