හරක් හොරුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍යවල පල කරන්න… කෘෂිකර්ම ඇමති පොලිසියෙන් ඉල්ලයි!

ශ්‍රියානි විජේසිංහ   –                                           

කිරි ගව සොරුන් අත් අඩංගුවට ගන්නා අවස්ථාවල දී ඔවුන්ගේ ඡායාරූප සමාජ මාධ්‍ය හා වෙනත් මාධ්‍ය  ඔස්සේ ප්‍රචාරය කිරීමට පියවර ගන්නැයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර   ශ්‍රී ලංකා පොලීසියෙන් ඉල්ලිමක් කරයි.

මේ දිනවල කිරිගව සොරකම් ඉහළ යමින් පවතින බව ගොවි සංවිධානවල නියෝජිතයින් කෘෂිකර්ම අමාත්‍යාංශයට කර ඇති  පැමිණිළි අනුව ඇමතිවරයා මෙම ඉල්ලීම  කර තිබේ.

සෑම දිනකම පාහේ  එක් දිස්ත්‍රික්කයකින් අඩුම තරමින් කිරි ගව සොරකම් පහක් හෝ හයක් සම්බන්ධව පොලිස් ස්ථානවලට පැමිණිළි ලැබෙන බව පොලිස් නිලධාරිහු ඇමතිවරයා  පෙන්වා දී ඇත .

එමෙන්ම ඇතැම් අවස්ථාවල ගව හොරුන් අත් අඩංගුවට ගන්නා බවත්, මෙම ගව සොරුන් වැඩි පීරිසක් සුඛෝපභෝගි  වාහන යොදා ගනිමින් කිරි ගවයින් සොරකම් කරන බවට හෙළිදරව් වී ඇතැයි ද පොලිසිය සදහන් කරයි.


 

කෘෂිකර්ම අමාත්‍යාංශයට ලැබී ඇති  පැමිණිළි පරිදි  දිනකට කිරි ලීටර් 20ක් පමණ ලබා ගත හැකි ගව දෙනුන් මෙසේ සොරකම් කරන බවත් අඩුම තරමින්  එක් දිස්ත්‍රික්කයකින් සතියකට ගවදෙනුන් 35ක් පමණ සොරකම් කරන බවත් ගොවි නියෝජිතයින් සඳහන් කරයි.

මින් දශක දෙක තුනකට  පෙර ගව සොරුන්ට දැඩි දඩුවම් ලබා දීමට පොලිසිය කටයුතු කල  නමුත් මේ වනවිට දඩුවම් ලිහිල් කර ඇත්නම් නැවතත් දඩුවම් ඉහළ නැංවීම සඳහා අවශ්‍ය යෝජනා හා නීතිමය සංශෝධන ඉදීරිපත් කරන්නැයි ද  ඇමතිවරයා පොලීසියට දැනුම් දී ඇත.

 

මේ වනවිට ඇතැම් දිස්ත්‍රික්කවල ගවගාල්වල CCTV කැමරා පවා සවි කර තිබෙන අතර ඇතැම් ගවගාල්වල ගවයින්ට දම්වැල් හා ඉබි යතුරු පවා දමා ගවයින් ආරක්ෂා කර ගන්නා තරමට කිරි ගව සොරකම ඉහළ ගොස් ඇති බවත්, මෙම සතුන් මස් සඳහා අලෙවි කරන අතරම මේ නිසා අනාගතයේ දී කිරි  නිෂ්පාදනයේ ගැටලු සහගත තත්ත්වයක් පවා ඇතිවීමට ඉඩ ඇති බවත් පශු සම්පත් අංශ අවධාරණය කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ නිසා කිරිගව සොරකම් වැළැක්වීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුව විසින් රාත්‍රී කාලයේ සිදු කරන මුර සංචාර වැඩි කරන ලෙසත්, ගව සොරුන් පැමිණෙන අවස්ථාවල වහාම පොලිසියට දැනුම් දීමේ වැඩ පිළිවෙළක් සකසන ලෙසත් අමාත්‍යවරයා පොලිසියෙන් ඉල්ලිමක් කරයි.

 

 

Exit mobile version