හරක්කටා සහ කුඩු සළිඳු සමග අත්අඩංගුවට ගත්  සෙසු ශ්‍රී ලාංකිකයින් සිවු දෙනා මෙරටට පිටුවහල් කිරීමට මැඩගස්කරය සූදානමින්!

පසුගියදා මැඩගස්කරයේදී අත්අඩංගුවට ගත් නඳුන් චින්තක හෙවත් හරක් කටා හා සලිඳු මල්ෂ ගුණරත්න හෙවත් කුඩු සලිඳු යන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා සමඟ අත්අඩංගුවට ගත් සෙසු ශ්‍රී ලාංකිකයන් සිව්දෙනා මැඩගස්කර අධිකරණයට ඉදිරිපත් කොට පිටුවහල් කිරීමට නියමිත බව, ආරංචි මාර්ග සඳහන් කරයි.

වාර්තා වෙන ආකාරයට ඔවුන් සම්බන්ධයෙන් ජාත්‍යන්තර පොලිස් රතු නිවේදන නිකුත් කොට නොමැති බැවින් ඔවුන් යළි මෙරටට ගෙන්වීමේ හැකියාවක් නොමැත.

එම අවස්තාවේදී අත්අඩංගුවට ගත් ඔවුන් එරට ආගමන විගමන නීතිරීතිවලට අනුව අධිකරණයට ඉදිරිපත් කොට ඒ හරහා පිටුවහල් කිරීමට සූදානම් බව මැඩගස්කර් බලධාරීන් දැනුම් දී ඇති බව අනාවරණය වේ.

අත්අඩංගුවට ගත් මෙම පිරිස ද විවිධ අපරාධවලට සම්බන්ධ බවට තොරුතුරු හෙළිදරව් වී ඇති නිසා ඔවුන් සම්බන්ධයෙන් ද විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.


අද පෙරවරුවේ දීර්ඝ ගුවන් ගමනකින් පසු නඳුන් චින්තක හෙවත් හරක් කටා හා සලිඳු මල්ෂ ගුණරත්න හෙවත් කුඩු ශ්‍රී ලංකාවට ගෙන ආ අතර මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ඔවුන්ව රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියි

Exit mobile version