හයසින්ති විජේරත්න රිය අනතුරකින් මිය යයි..

කීර්ති ප්‍රනාන්දු –

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ප්‍රවීන රංගන ශිල්පිනී හයසින්ත් විජේරත්න ඊයේ (30) රාත්‍රියේ සිදුවූ රිය අනතුරකින් මිය ගොස් ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය තහවුරු කළේය.

නුවරඑළිය ප්‍රදේශයේ ටෙලි නාට්‍ය රූගත කිරීමකින් පසු ඊයේ (30) රාත්‍රියේ නුවරඑලියේ සිට නැවත කොළඹ බලා පැමිනෙමින් සිටිය දී මෙම අනතුර සිදුවී ඇතැයි පොලිසිය කියයි.
ඇය ගමන් ගත් වෑන් රථය තලවකැලේ මාර්ගයේ ලිඳුළ ප්‍රදේශයේ දී ප්‍රපාතකයට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි.

මිය යන විට ප්‍රවීන සිනමා හා ටෙලිනාට්‍ය නිලි හයසින්ති විජේරත්න 75වන වියේ පසුවූවාය.

අනතුරු සම්බන්ධයෙන් වෑන් රථයේ රියදුරු ලිඳුල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

Exit mobile version