හමුදා ට්‍රක් රථයක් පෙරළී සෙබලුන් දෙදෙනෙක් එතැනම මිය යති … 4කට අසාධ්‍යයයි…

TRUCK

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මඩකලපුව චෙන්කලාඩි කළු පාලමේ දී යුද හමුදා ට්‍රක් රථයක් පෙරළී එතැනම හමුදා සෙබලුන් දෙදෙනෙක් මිය ගොස් ඇති බව හමුදා ආරංචි මාර්ග පවසයි.

මෙසේ අනතුරට ලක්ව ඇත්තේ වාකරේ යුද හමුදා කඳවුරේ සේවය කළ සෙබල පිරිසකි.

අද (25) පස්වරු 4ට පමණ සිදුවී ඇති මෙම අනතුරින් මිය ගිය සෙබලුන් දෙදෙනාට අමතරව තවත් සෙබලුන් 4ක් බරපතල තුවාල ලබා රෝහල් ගත කර ඇත.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ආරම්භ වී තිබේ.
දෙරණ –

Exit mobile version