හමුදා ජෙනරාල්ගේ හිරිහැරයට ලක්වූ වනජීවී නිලධාරීන් තවමත් අලි හොරු දෙදෙනකු පසුපස !

elephant

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අලි පැටවකු අල්ලා ගැනීම සඳහා සුප්‍රකට අලි ජාවාරම්කරුවන් දෙදෙනකු තවදුරටත් මින්නේරිය ජාතික වනෝද්‍යානය සීමාවේ කරක් ගසන බව වාර්තා වේ.

මෙයින් එක් ජාවාරම්කරුවෙක් අලි සොරකම් කිරීම් සම්බන්ධයෙන් මේ වනවිටත් චෝදනා ලබා සිටින පුද්ගලයකු වන අතර අනෙක් පුද්ගලයා බලංගොඩ ප්‍රදේශයේ පුද්ගලයකු බව සඳහන් වේ. මෙම පුද්ගලයා කාශ්‍යපගම ප්‍රදේශයේ හෝටලයක මාස දෙකකට කාලයක් තිස්සේ මේ වෙනුවෙන් රැඳී සිටින බව දිවයින පුවත්පත අද වාර්තා කර තිබුණි.

මේ තත්ත්වය මත වන ජීවී දෙපාර්තමේන්තුව මේ වනවිට රැකවල් තවදුරටත් දැඩි කොට ඇති අතර පසුගියදා ඔවුන්ගේ රැකවල් මැද නැවැත්වීමේ අණ නොතකා ධාවනය කළ යුධ හමුදා මේජර් ජනරාල්වරයකු ඇතුළු කණ්ඩායමකගේ ප්‍රහාරයකට ලක් වීමටද මෙම වනවිජීවි කණඩායමට සිදුවිය.

අනුරාධපුර මෙහෙයුම් බාර යුධ හමුදා මේජර් ජනරාල් මොහාන් රත්නායක ඇතුළු වාහන දෙකකින් පැමිණි හමුදා පිරිසක් මෙසේ මෙම වනවිජීවී නිලධාරී රාජකාරීවලට බාධා කළ බවට පොලිසියේ පැමිණිලි කොට ඇත.

මෙවැනි තත්ත්වයක් හමුවේ පවා වනජීවී ආරක්ෂකයන්ගේ අවධානය වෙනත් පසෙකට යොමුවිම හරහා මෙම අලි ජාවාරම්කරුවන් අවස්ථාවක් සලසා ගත හැකිය යන සැකය මත මේ වනවිට එම ප්‍රදේශයේ දැඩි සොදිසියෙන් දිවා රෑ කටයුතු කිරිමට වනජීවී නිලධාරීන් පියවර ගෙන ඇති බව සඳහන් වේ.

Exit mobile version