හම්බන්තොට වැලි මැක්කා ප්‍රහාරය අරඹයි… තිස්සමහාරාම, අම්බලන්තොට, බෙලිඅත්ත, අවටින් දිනකට රෝගීන් 60ක්…

සූරියවැව නුවන් ජයසේකර –

හම්බන්තොට දිස්ත්‍රික්කය තුළ   වැලි මැස්සාගෙන් හටගන්නා ලීෂ්මෙනායසීස් (Leishmaniasis ) නැමති රෝගී තත්වය   හිස ඔසවමින් තිබෙන බව හම්බන්තොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ටී.එම්.ජී.පටබැදිගේ  පැවසුවාය.

හම්බන්තොට ආපදා කළමනාකරණ ඒකකය මගින් මාධ්‍යෙව්දීන් දැනුවත් කිරිම සදහා හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාලය තුළ සංවිධානය කර තිබූ වැඩ සටහනකට එක්වෙමින් ඇය මේ බව පැවසුවාය.

හම්බන්තොට සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂිකා වෛද්‍ය ටී.එම්.ජී.පටබැදිගේ

එහිදී වැඩි දුරටත් අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වරිය මෙසේද පැවසිය.


මේ වන විට හම්බන්තොට දිස්ත්‍රික්කයේ තිස්සමහාරාම, අම්බලන්තොට, බෙලිඅත්ත, වලස්මුල්ල, තංගල්ල හා මිද්දෙණිය ප්‍රදේශවලින් වැලි මැස්සාගෙන් හටගන්නා ලීෂ්මෙනායසීස්  රෝගීන් බහුලව වාර්තා වෙනවා. ඒ අනුව දිනකට 50ත් 60ත් අතරේ රෝගින් පිරිසක් ප්‍රතිකාර සඳාහා රෝහල් වලට පැමිණෙනවා.

බහුලව තෙතමනය සහිත ස්ථානවල මෙන්ම කුණු ගොඩවල් ආශ්‍රිතව තමයි මෙම මැස්සන් වැඩි වශයෙන් දැකිය හැක්කේ. මෙහි ඇතිවෙන රෝගී තත්වය තමයි මෙම වැලි මැස්සා විසින් සපාකන ලද ස්ථාන වල කාලයක් පවත්නා තුවාල ඇති වීම. මේ නිසා දීර්ඝ කාලයක් තිස්සේ සුව නොවන තුවාල ඇත්නම් වහාම ලඟම ඇති රෝහලක් වෙත ගොස්  වෛද්‍ය ප්‍රථිකාර ලබා ගන්න. එමෙන්ම එවැනි තුවාල සහිත රෝගින් අපි චර්ම රෝග සායන සදහා යොමු කිරීමටත් පියවර අරගෙන තිබෙනවා. එහිදී අප එන්නතක් ලබා දිම සිදුකරනවා. ඉන් මේ වැලි මැස්සාගෙන බෝ වන රෝගය සුවකරගැනිමට හැකි වෙනවා.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ නිසා දීර්ඝ කාලයක් තිස්සේ සුව නොවන තුවාල ඇත්නම් කරුණාකර ලඟම ඇති රෝහලට ගොස් ඒ සදහා අවශ්‍ය වෛද්‍ය ප්‍රථිකාර ලබා ගන්නා ලෙස මන් ඉල්ලනවා යැයිද ඇය පැවසුවාය.

Exit mobile version