සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනාරාල් අසේල ගුණවර්ධන විසිවෙයි…. අමල් හර්ෂ එයි… සෞඛ්‍ය ලේකම් ධුරයෙත් වෙනසක්!

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් ධුරයේ දැනට සිටින විශේෂඥ්‍ය වෛද්‍ය අසේල ගුණවර්ධන එම තනතුරෙන් ඉවත් ඉවත්කර  දැනට පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්ධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්,  විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ ද සිල්වා  පත් කිරීම සඳහා සූදානමක් ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංච් මාර්ග හෙළි කරයි.

එම තනතුර සඳහා සුදුසුකම් සැපිරූ  කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ කුමාර වික්‍රමසිංහ , සෞඛ්‍ය අමාත්‍යාංශයේ  අතිරේක ලේකම් සුනිල් ද අල්විස්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් ලාල් පනාපිටිය, යන නිලධාරීන්ගේ නම් මේ සඳහා ඉදිරිපත් කර තිබුණත් තනතුර සඳහා ඉහළම සුදුසුකම් සපුරා ඇත්තේ විශිෂ්ට සෞඛ්‍ය පරිපාලකයෙක් වූ විශේෂඥ වෛද්‍ය අමල් හර්ෂ බව අභ්‍යන්තර ආරංචි මාර්ග කියයි.

පසුගිය වකවානුවේ ඔහුව සෞඛ්‍ය පරිපාලන ක්ෂේත්‍රයෙන්ම ඉවත් කර පසුගාමී ග්‍රාමීය ප්‍රදේශ සංවර්යධන සහ ගෘහාශ්‍රිත සත්ත්ව පාලන හා සුළු ආර්ථික භෝග වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා ලෙස ඔහුට අදාලම නැති විෂයක් සඳහා පත් කළේය. විශිෂ්ටම සෞඛ්‍ය පරිපාලකයෙක් වූ විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහට සිදුවූයෙත් එයමය.


මේ නව පත්වීම  සම්බන්ධව විශේෂඥ වෛද්‍ය  අමල් හර්ෂ ගෙන් ලංකාසර කළ විමසුමක දී ඔහු ප්‍රකාශ කළේ  රජයෙන් ඒ සඳහා   ඉල්ලීමක් කර ඇති බවත්  දැනට දරන අමාත්‍යාංශ ලේකම් තනතුරට වඩා ධූරාවලියෙන් පහළ තනතුරක් වුව ද රට සම්බන්ධව කල්පනා කර  යම් තීරණයක් ගැනීමට තමා සූදානම් බවත්ය.

මෙම වගකීම භාරගැනීමේ ප්‍රධානම අරමුණ පීඩා විදින ජනතාව  ඉතා ඉක්මනින් බේරා ගැනීම බවත් විශේෂඥ වෛද්‍යවරයා කීවේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ සමගම බොහෝ විට සෞඛ්‍ය ලේකම් තනතුර වෙනස් වීමටත් ඉඩ ඇති බව වාර්තා වේ. දැනට සෞඛ්‍ය ලේකම් ධුරය දරන විශ්‍රාමික මේජර් ජනරාල් සංජීව මුණසිංහ වෙනුවට විශේෂඥ වෛද්‍ය නිහාල් ජයතිලක පත් කිරීමට බොහෝ දුරට ඉඩ ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග කියයි.

Exit mobile version