සෞඛ්‍ය වර්ජනයෙන් අසරණවන රෝගීන්ට උත්තර හොයපු දොස්තරලා…

හෙද පරිපූරක හා අතුරු වෛද්‍ය සේවා ඇතුළු වෛද්‍ය නොවන වෘත්තීය සමිති 16ක් ඒකාබද්ධව අද (24) ආරම්භ කළ දෙදින   සංකේත වැඩවර්ජනය නිසා රෝගීන් පත්වන දුෂ්කරතාව සැලකිල්ලට ගනිමින් පෞද්ගලික අංශය මගින් පරීක්ෂණ කටයුතු සිදුකිරීමටත්, ඔසුසැල් මගින් ඖෂධ ලබාදී අදාළ වියදම රෝහල මගින් දැරීමටත් රෝහල් කිහිපයකම වෛද්‍යවරු පියවර ගෙන තිබුණු ආකාරය වාර්තා විය.

කළුතර දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර   පැවසුවේ “විද්‍යාගාර පරීක්ෂණ, Xකිරණ පරීක්ෂණ, CT ස්කෑන් පරීක්ෂණ වැනි අත්‍යවශ්‍ය පරීක්ෂණ පුද්ගලික අංශයෙන් සිදුකිරීම සඳහා කටයුතු සම්පාදනය කර ඇති බවත්,    සායනික රෝගීන් සඳහා අවශ්‍ය ඖෂධ සිකුරාදා, සෙනෙසුරාදා, සඳුදා නිකුත් කරන බවත්   රෝගීන් අපහසුතාවයට පත් නොකරන බවත් ඔහු මාධ්‍යයට පවසා තිබිණි.

දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන  පැවසුවේ අත්‍යවශ්‍ය පරීක්ෂණ හෝ බෙහෙත් අවශ්‍ය නම් ඇති පුද්ගලික රසායනාගාරවලින් සේවා ලබාදීමට සැලසුම් සකස්කර ඇති බවය.


සෞඛ්‍ය සේවයේ උසස්වීම් විෂමතා ගැටලු, සෞඛ්‍ය පරිපාලන සේවාවක් ඇති කිරීම සහ හෙද උපාධිධාරීන්ගේ වැටුප් කප්පාදු ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් වර්ජනය ක්‍රියාත්මක කෙරිණි.

වර්ජනය හේතුවෙන් රෝහල්වල නේවාසික හා බාහිර රෝගී ප්‍රතිකාර සේවාවලට එල්ල වූයේ දැඩි බලපෑමකි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


දෙරණ –

 

Exit mobile version