සෞඛ්‍යය නීති යටතේ නාට්‍ය රංග ශාලා හා චිත්‍රපට ශාලා 02 සිට විවෘතයි..

කොවිඩ් 19 විරුවන්ට ජනමාධ්‍ය ඇමතිගෙන්   “නිව්ස්පේපර්“ නොමිලේ

කොවිඩ් වසංගතය හේතුවෙන් වසා දමා ඇති සිනමා ශාලා සහ නාට්‍ය රංග ශාලා ලබන ජූලි මස 02වනිදා සිට යළි විවෘත කිරීමට කටයුතු කරන අතර එක් දර්ශනයකට සහභාගී කර ගත් හැක්කේ ශාලාවේ  ආසන ගණනින් සියයට 50කට බව ත් කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන   පැවසීය.

එසේම තමන් විසින් නිෂ්පාදනය කරන ලද “ද නිව්ස්පේප්ර්“ චිත්‍රපටය කොව්ඩ් මර්දන සටනට සහභාගී වූ සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ සහ මාධ්‍යව්දීන්ට  රජය විසින් නිකුත් කරන ලද නිල හැඳුනුම්පත ඉදිරිපත් කිරීමෙන් නොමිලේ නැරඹිය හැකි බව ද අමාත්‍යවරයා මෙහිදී දැනුම් දුන්නේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව සඳහන් කළ අමාත්‍යවරයා කොවිඩ් මර්දන සටනට සහය වූ සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ මෙන්ම ජනමාධ්‍යවේදීන්ට ගෞරවයක් ලෙස මෙම අවස්ථාව ලබා දෙන බවත් චිත්‍රපටය නොමිලේ නැරඹිය හැක්කේ එම සාමාජිකයන්ට පමණක් වන අතර ඔවුන් සමඟ පැමිණෙන පවුලේ හෝ මිතුරු මිතුරියන්ට අදාළ  ප්‍රෙව්ශශපත්‍ර මිලදී ගත යුතු බවත් එහිදී ඔහු පැවසීය.


Exit mobile version