සෝදිසි අවධි තුන මාර්ගෝපදේශනය අද සිට ක්‍රියාත්මකයි…

කොවිඩ් මර්දනය කිරීම පිණිස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ප්‍රකාශිත කොවිඩ් වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබේ.

එම නිවේදනය අනුව අද දින සිට (01) පහත නියාමයන් බලපවත්වන බව එම මධ්‍යස්ථානය කියා සිටී. ලබන 21 දක්වා බලපැවැත්වෙන එම නියමයන් ඉන් අනතුරුව රටේ කොවිඩ් තත්වය අනුව සමාලෝචනය  කර කළ යුතු දේ තීන්දු කරන බව දන්වා සිටී. ඒ අනුව සමුළු, සම්මන්ත්‍රණ, දිවා භොජන, විවෘත ස්ථානවල පැවැත්වෙන සාද හා මජන එක්රැස්වීම්, ආගමික ස්ථානවල එක්රැස්වීම් සඳහා අවසර නැත.

සිනමා ශලා, සහ රංග ශාලා, ළමා උද්‍යානථ පිහිනුම් තටාග පබ්, කැසිනෝ, බාර් සහ රාත්‍රී සමාජ ශාලා, ඔට්ටු මධ්‍යස්ථාන, සම්බාහන මධ්‍යස්ථාන වසා තැබේ. බන්ධනාගාර රැඳවියන් බලන්නට අවසර නැත.පාසල් පෙර පාසල්, විශ්වවිද්‍යාල සහ උසස් අධ්‍යාපන ආයතන, උපකාරක පන්ති නැවත දන්වනතුරු වසා තැබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සම්බන්ධව සියලුම විධිවිධාන සහිත නිවේදනය පහත දැක්වේ.

Exit mobile version