සේප්පුවේ තිබූ දැලිවල උරුමය වීදුරු පෙට්ටියකට දාන්න මුල්වෙලා තිබෙන්නෙ හිටපු අග විනිසුරු සරත් එන් ද සිල්වා

. දැලිවල ලෝක උරුම කරඬු කොල්ලය පසුපස ඉන්නේ විහාර වාසීන්දැයි සැකයක්....

දැලිවල කොටවෙහෙරේ විශ්ව උරුමය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව  ලබා දුන් ආරක්ෂිත සේප්පුවලින් ඉවත් කර එළිමහන් මංජුසාවක තැන්පත් කිරීමට මුල් වී ඇත්තේ හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා බව විමර්ශනවල දී හෙළි වී තිබේ.

මෙම කරඬු පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ උපදෙස් මත  සේප්පුවල දමා තිබුණා නම් මෙම ව්‍යසනය සිදුනොවන බවත් විමර්ශනවල දි පැහැදිලි වී තිබේ.

වාර්තා වන පරිදි තොරතුරු මෙසේය.


දැලිවල කොටවෙහෙරේ පෞරාණික කරඬු  කොල්ලය සම්බන්ධව මේ වනවිට  සැකකටයුතු සිදුවීම් තුනක් ඔස්සේ විමර්ශන මෙහෙයවමින් ඇත.

මේ කොල්ලය පසුපස විහාර වාසීන් සිටින බවට සැක සිතෙන කරුණු ගණනාවක් මතුවෙමින් ඇති බවත්  විමර්ශන ආරංචි මාර්ග කියයි.

කරඬු තැන්පත් කර තිබුණේ ධාතු මන්දිරයේ තිබුණු විශේෂ පීඨිකාවක වූ මංජුසාවක් තුළය. මෙම කරඬුතැන්පත් කිරීමට විශේෂ සේප්පු දෙකක් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් ලබා දී තිබුණ ද හිටපු අග විනිසුරු සරත් නන්ද සිල්වා ගේ මැදිහත් වීම මත මෙම විශේෂ වීදුරු මංජුසාව තුළ මෙම කරඬු තැන්පත් කර තිබී ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ දැනුම්වත් වීමකින් තොරව බව හෙළි වී තිබේ.

වෙඩි නොවදින බවත්, කුළුගෙඩි සීයකින් ගැසුවත් නොකැඩෙන බවත් කියා සරත් නන්ද සිල්වා විසින් මාතලේ ප්‍රදේශයේ පුද්ගලයෙක් ලවා මෙම මංජුසාව හදා දුන් බවත් දායක සභාවේ විරෝධය ද නොතකා එහි මෙම කරඬු තැන්පත් කිරීමට විහාරවාසී නායක හිමිනමට බල කර ඇතැයි එම හිමිනම පවසයි.

කෙසේ වෙතත් දැන් මේ කරඬු කොල්ලය සිදුවූ ආකාරය විමර්ශනය කරන විට පෙනී ගොස් ඇත්තේ කරඬු කොල්ලයට පැමිණි පුද්ගලයින් ඇතුළු වී තිබෙන්නේ   කරඬු තැන්පත් කර තිබූ ධාතු මන්දිරයේ ප්‍රධාන දොරටුවෙන් බවය.

එම දොරටුව විවෘත කළ හැකි යතුරු තුනක් තිබී ඇත. එක් යතුරක් තිබී ඇත්තේ නායක හිමියන් සන්තකයේය. අනෙක් යතුර දායක සභාවේත් තුන්වන යතුර කරඬු වෙනුවෙන් තේවාව කරන කපු මහත්මයා භාරයේත්ය.

විමර්ශන අවධානයට යොමුවන අනෙක් කාරණාව විහාරවාසී නායක හිමිනම සිද්ධිය වන දිනයට පෙර දින නුවරඑළිය භාවනා මධ්‍යස්ථානයක නායක හිමියන් බැහැ දැකීමට යෑමය. එහෙත් එදින එම භාවනා මධ්‍යස්ථානයේ හිමියන්  නුවරඑළියේ හිඳ නැති අතර එම හිමිනම  ඉඳ ඇත්තේ කොළඹය.

පන්සලේ  සිට ඇත්තේ පොඩි හාමුදුරුවන්ය.  පොඩි හාමුදුරුවන රාත්‍රී 12.30 වනතුරු ඇහැරී සිටි බවත් ඉන් පසු නිදාගත් බවත් පැවසුව ද එම හිමිනම වැඩිපුරම දුරකථන ඇමතුම් ලබාගෙන ඇත්තේ රාත්‍රී 12.30න් පසුය.

තොරතුරු හෙළිවන ආකාරයට පාන්දර තුන වනවිට තේවාව කරන පුද්ගලයා ධාතු මන්දිරයට ගොස් දොර හැර බලන විට මෙම කරඬු කොල්ලය දැක තිබේ. එසේ නම් මෙම කොල්ලය සිදු වී ඇත්තේ පාන්දර 1 -3 අතරය.

මංජුසාව කැඩීම සාමාන්‍ය උපකරණයකින් කළ නොහැකි අතර ඒ සඳහා විශේෂ තාක්ෂණික උපකරණයක් හෝ රසායනික ද්‍රව්‍යයක් අවශ්‍ය බව පෙනී ගොස් ඇත. වීදුරුව තැලී ඉරි තැලී නැති අතර එක් තැනකින් අත යොමු කළ හැකි ලෙස සිදුරක් සදා  එම සිදුරෙන් අත දමා අත් පොවන මානයේ තිබුණු පෞරාණික කරඬු ටික කොල්ල කා තිබේ.

මෙම සිදුරේ රැඳී තිබුණු රෝම දෙකක් හමුවී ඇති අතර එය පරීක්ෂණ පැවැත්විය හැකි වැදගත් සාධකයක් සේ හඳුනාගෙන ඇත.

සිද්ධිය පිළිබඳ පුද්ගලයින් කීපදෙනෙක්ම ඉදිරියේ දී අත්අඩංගුවට පත්වනු ඇතැයි විමර්ශකයෝ පවසති.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ කොල්ල කා තිබුණ පුරාවස්තු අතර  ලෝකයේ විශිෂ්ට ලෙසම සුරක්ෂිතව තිබූ, පෞරාණිකම රන් මුවා දාගැබ් ආකෘතිය ඇතුළු කරඬු අටක් වේ.

 

Exit mobile version