සේද මාවත දිගේ ජනපතිට කලින්ම ආ උපන්දින සුබපැතුම

ජූනි 20 වෙනිදාට යෙදෙන ජනාධිපතිවරයාගේ උපන්දිනයට සුබපතමින් චීන ජනාධිපති ෂී-ජින්ග්-පිං යොමු කළ ලිපියක් ශ්‍රී ලංකාවේ වැඩ බලන චීන තානාපති හූ වෙයි මහතා අද  (18) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

ඒ ජනාධිපති ලේකම් කාර්යාලයේදී ය.

කොවිඩ් – 19 වසංගතයට එරෙහිව ශ්‍රී ලංකාව ගෙනයන සාර්ථක වැඩපිළිවෙළ පිළිබඳ චීන ජනාධිපතිවරයාගේ ඉමහත් ප්‍රසාදය දිනා ගෙන ඇතැයි චීන තානාපතිවරයා එහිදී සඳහන් කළහ.


ශ්‍රී ලංකාවේ වෛරසය පාලනයට සහාය වීම පිණිස චීන රජයෙන් වෛද්‍යධාර තොගයක් ද එවා තිබේ.

ඒවා දැනටමත් සෞඛ්‍ය අමාත්‍යංශයට ලැබී ඇති අතර ආධාර තොගයේ ලැයිස්තුවක් වැඩබලන තානාපතිවරයා විසින් රාජපක්ෂ මහතා වෙත භාර දුන්හ.

දුෂ්කර අවස්ථාවේදී ශ්‍රී ලංකාවට සහාය දීම පිළිබඳව රාජපක්ෂ ජනාධිපතිවරයා  ජනාධිපති ෂී, චීන ජනතාව සහ චීන සමාගම් වෙත සිය ස්තූතිය පුද කර තිබේ.

දෙපාර්ශ්වය තවත් ක්ෂේත්‍ර ගණනාවක් පිළිබඳව ද සාකච්ඡා කළ අතර චීනයේ තේ වෙන්දේසිය සහ ලෝකයේ හොඳම තේ ලෙස ප්‍රචලිත ශ්‍රී ලංකා තේ චීනය තුළ ප්‍රවර්ධනය කරන ආකාරය පිළිබඳව අවධානය යොමු විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකාව තුළ චීන ආයෝජන සහ දෙරට අතර මූල්‍ය සහයෝගීතාව වර්ධනය කරගැනීම පිළිබඳව ද එහිදී සාකච්ඡා වී ඇත.

Exit mobile version