සුළි කුණාටුවකින් උතුරේ පවුල් 84 ක් විපතට….

දිනසේන රතුගමගේ –

සුළි කුණාටුවක් හමා යාම හේතුවෙන් මන්නාරමේ හා කිළිනොච්චියේ  පවුල් 84 කට අයත් පුද්ගලයින් 286 දෙනෙකු  ඊයේ ( 18 ) සවස් වන විට විපතට පත්ව සිටින බව මන්නාරම හා කිළිනොච්චිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල සදහන් කරයි.

මන්නාරමේ එමිල් නගර් හා නානාට්ටන් යන පළාත් වලට වර්ෂාව සමග මේ සුළි කුණාටුව හමා යාම නිසා පවුල් 78 කට අයත්  පුද්ගලයින් 259 දෙනෙකු විපතට පත්ව සිටිති.

මන්නාරමේ වැසියන්ගේ නිවාස වල වහලවල් සුළගට ගසාගෙන ගොස් ඇති අතර ඔවුන් රාත්‍රී කාලය ගෙවීම සදහා ප්‍රදේශයේ වෙනත් පොදු ආරක්ෂිත ස්ථාන කරා ගොස් තිබේ.


කිළිනොච්චියේ කණ්ඩාවලෙයි ප්‍රදේශයට වර්ෂාව සමග හමාගිය සුළි කුණාටුව හේතුවෙන් කණ්ඩාවලෙයි ග්‍රාම නිලධාරී කාර්යාලය ඇතුලු නිවාස හයකට අලාභ හනි සිදුව ඇති අතර ඉන් විපතට පත්ව ඇති පුද්ගලයින් සංඛ්‍යාව 27 කි.

වර්ෂාව හා සුළි කුණාටුව නිසා විපතට පත්ව සිටින මේ පවුල් වලට හැකි සෑම ආධාරයක්ම ලබා දෙන ලෙසත් ඔවුන්ගේ නිවාස කඩිනමින් පිළිසකර කොට දීමට පියවර ගන්නා ලෙසත් මන්නාරම හා කිළිනොච්චි දිසාපතිවරු අදාල නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මන්නාරම හා කිළිනොච්චි පළාත් වල ආපදා කලමනාකරණ මධ්‍යස්ථාන වල නිලධාරීන් හා ප්‍රාදේශීය ලේකම්වරුන්ද විපතට පත් පළාත් වල වැසියන් මුණ ගැසීමට ගොස් තිබේ.

Exit mobile version