සුවහසක් කොවිඩ් රෝගීන්ට දිවි දෙන්නට කැප වූ සුව විරුවරියක් කොවිඩ් අභියස දිවි දෙයි!

ඇය කොවිඩ් සත්කාර සේවයේ යෙදී සිටිය දී කොවිඩ් ආසාදිතව මිය ගිය සිවු වන හෙදි නිලධාරිණියයි!

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කීර්ති ප්‍රනාන්දු – 

දහස් ගණනක් වූ කොවිඩ් ආසාදිතයන්ට ජීවත්කරවීම වෙනුවෙන් කැපවූ මිනුවන්ගොඩ මූලික රෝහලේ හෙද පාළිකා ඉන්දු අමරසිංහ ඊයේ (27) රාත්‍රියේ  කොවිඩ් ආසාදිතව මිය ගියාය.

දෙදරු මවක් වූ ඇය මිය යනවිට ඇය 56 වැනි වියේ පසුවූවාය.

මිනුවන්ගොඩ මූලික රෝහලේ වාට්ටු අංක 2 භාරව කටයුතු කරනු ලැබුවේ ඇයය.


මෙරට කොවිඩ් රෝගීන්ට සත්කාර සේවාවන් සපයමින් සිටිය දී කොවිඩ් ආසාදිතව මිය ගිය සිවුවන හෙදිය ඇය ය.

මිනුවන්ගොඩ රෝහල කොවිඩ් ආසාදිත රෝගීන් වෙනුවෙන් ප්‍රතිකාර කරනු ලබනා රොහලක් බවට පරිවර්තනය කළ දා සිට සියල්ලන්ගේම ප්‍රශංසාව සහිතව ඇය සිය ප්‍රමුඛ රාජකාරිය ඉටු කළ බව රෝහල් කාර්ය මණ්ඩලය ලංකාසරට පැවසීය.

“ කොවිඩ් රෝහලේ මූලික ඉදිකිරීම් කටයුතු කරමින් යන අවස්ථාවෙ සිට එහි කටයුතු නිමා කරන මොහොත දක්වා මේ කාර්යයෙ නිරත වෙලා හිටිය හමුදා නිලධාරීන්ට බොහෝ විට  ඇය ආහාර පාන ගෙනත් දුන්නෙ ඇගෙ නිවසින්.  වාට්ටුවල කොවිඩ් රෝගීන්ට සැලකුවෙ අම්මා කෙනෙක් වගේ. “

රෝහල් කාර්ය මණ්ඩලයේ සාමාජිකයෙක් පැවසීය.

ඇයගේ දේහය පිළිබඳව අවසන් කටයුතු නිරෝධායන ක්‍රමවේදයට අනුව ඊයේ ( 27) මිනුවන්ගොඩ දී සිදුකෙරිනි.

 

 

 

 

Exit mobile version