සුඩාන ගැටුම්වලින් පෝලියෝ එන්තත් මිලියනයක් විනාශයි!

සුඩානයේ පවතින ගැටුම් හේතුවෙන් පෝලියෝ එන්නත් මිලියනයකට වඩා විනාශ වී ඇති බව යුනිසෙෆ් සංවිධානය නිවේදනය කරයි.

දකුණු ඩාර්ෆුර් ප්‍රදේශයේ සිදු වූ කොල්ලකෑම් හෝ ගිනිතැබීම් හේතුවෙන් මෙලෙස ගබඩා කර තිබූ එන්නත් විනාශ වී තිබේ.

පෝලියෝ වයිරසය හේතුවෙන් අවුරුදු පහට අඩු දරුවන් අංශභාගය හෝ මරණයට පත්වීමට හැකියාව පවතින අතර මලාවි, මොසැම්බික් සහ සුඩානය වැනි රටවලින් පසුගිය වසරේ සිට රෝගීන් වාර්තාවී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය අප්‍රේල් 15 වනදා සිට සුඩාන හමුදාව සහ කැරළිකරුවන් අතරගැටුම් ඇති වීමත් සමඟ ලෝක ආහාර වැඩසටහන ඇතුළු සහනාධාර සපයන ආයතනවල ආධාර කොල්ලකෑම හේතුවෙන් ඩොලර් මිලියන 13ත් 14ත් අතර සැපයුම් ප්‍රමාණයක් අහිමි වී ඇති ඇත.


Exit mobile version