සුඩාන ගැටුම්වලට මැදි වූ ශ්‍රී ලාංකිකයින් 18ක් යළි එන්න බෑ කියති!

sudan

සුඩානයේ ගැටුම්වලට මැදිව සිටින ශ්‍රී ලාංකිකයින් 18ක් යළි මෙරටට පැමිණීම ප්‍රතික්ෂේප කර ඇතැයි විදේශ ඇමති අලි සබ්‍රි පවසයි.

තමන්ගේ රැකියා අහිමි වී යතැයි බියෙන් මෙම කණ්ඩායම ලංකාවට පැමිණිම ප්‍රතිෂේප කර ඇතැයි ඇමතිවරයා පවසා ඇත.

ගැටුම්වලට මැදිව සිටිය දී මුදාගත් තවත් ශ්‍රී ලාංකිකයින් 16ක් සෞදිය අරාබිය හරහා යළි   ශ්‍රී ලංකාව පැමිණීමේ අභිලාශයෙන් පෝට් සුඩාන් නරගයේ මේ වනවි රැඳී සිටින බව විදේශ අමාත්‍යාංශය කියයි.

ගැටුම්වලින්  මුදාගත් ශ්‍රී ලාංකිකයින් 14දෙනෙක් ඊයේ  (29)  කටුනායක ගුවන් තොටුපලින්  දිවයිනට පැමිණ තිබිණි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පසුගිය අප්‍රේල් 15 දා සුඩානයේ හමුදා රජය සහ ආර්.එස්.එෆ් හමුදා කල්ලිය අතර බල   ගැටුම හේතුවෙන් මේ වනවිට සිවිල් ජනතාව ඇතුළු 512ක් මිය ගොස් අති අතර 4200කට වඩා තුවාල ලබා තිබේ.

Exit mobile version