සීෂෙල්ස්වලින් ආ කණ්ඩායම වාද්දුවේ හෝටලයක

පසුගියදා මහභේදයට තුඩු දුන් ආකාරයට සී ෂෙල්ස් දිවයිනේ සිට මෙරටට පැමිණියේ කඩිනම් වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සහ ඔවුන්ගේ ආධාරකරුවන් ඇතුළු පිරිසක් බව අනාවරණය වේ. මෙම  රෝගීන් හේමාස් රෝහල වෛද්‍ය කණ්ඩායමක නිරීක්ෂණ මත වාද්දුවේ හෝටලයක නිරෝධායනට ලක් කර තිබේ.

මෙම කණ්ඩායම මෙරටට පැමිණ ඇත්තේ පසුගිය 23 වැනිදා (සෙනසුරාදා) ය. විශේෂ  ගුවන් යානයකින් පැමිණි මෙම පිරිස අතර හෘද සැත්කම්, ඇන්ජියෝ ග්‍රෑම් පරික්ෂණ අක්ෂි සැතකම් සහ පිලිකා සඳහා කෙරෙන විකිරණ සහ රසානික ප්‍රතිකාර අවශ්‍ය රෝගීන් සිටින බවත් ඔවුන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා අවැසි සහය ලබා දීම පිලිබඳව සී ෂෙල්ස් රජය ශ්‍රි ලකාවට තම විශේෂ ස්තූතිය ද නිල වශයෙන් පළ කොට ඇති බවත් වාර්තා වේ. සීෂෙල්ස් ශ්‍රි ලංකා තානාපති කාර්යාලයට අනුව පැමිණි 35 දෙනාගෙන් 24 දෙනකු රෝගීන් වන අතර 11 දෙනකු ඔවුන්ගේ සහයට පැමිණියවුන්ය. හදිසි වෛද්‍ය ප්‍රතතිකාර අවශ්‍යතා මත ඉතා ආරක්ෂිතව මෙරටට ගෙන්වීමෙන් පසුව ද  ඔවුන් කොවිඩ් 19 පරීක්ෂණවලට ලක් කොට ඇති අතර සියලු දෙනාම ආසාදිතයන් නොවන බව තහවුරු වී තිබේ. කෙසෙස් වුව ද දින 14ක නිරෝධායන කාල සීමාවෙන් අනතුරුව ඔවුන් තලවතුගොඩ හේමාස් රෝහල වෙත පැමිණ අදාළ වෛද්‍ය ප්‍රතිකාර ලබා ගනු ඇති බව බව එම තානාපති කාර්යාලය ප්‍රකාශ කරයි 

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සී ෂෙල්ස් වැසියන් මෙවැනි වෛද්‍ය ප්‍රතිකාර සඳහා සාමාන්‍යෙයන් විදෙස් ගත වන අතර මේ වනවිට පවතින කොවිඩ් 19 අර්බුදය හේතුවෙන් බොහෝ ගුවන් ගමන් සහ ගමන් විධි අවහිර වී ඇති තත්ත්වයක් තුළ ඔවුන්ට වෙනත් රටවලට යන්නට නොහැකි වී තිබේ.  


 

Exit mobile version