සීනිගම ගොඩගම ප්‍රදේශයේ දී හෙරොයින් කිලෝ ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමාණයක් සමග කාන්තාවක් අත් අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.
මිටයාගොඩ පොලිසියකළ වැටලීමක දී මෙම හෙරොයින් තොගය අත් අඩංගුවට ගෙන තිබේ. මේ මත්ද්‍රව්‍ය තොගය සම්බන්ධව විමර්ශන ආරම්භ කර ඇත.
ඊයේ (08) පෙරවරුවේ දී ද සීනිගම තෙල්වල ප්‍රදේශයේ දී සැකකරුවන් 06 දෙනෙක් සමග මත් කුඩු කිලෝ 5කට අධික ප්‍රමාණයක් අත් අඩංගුවට ගැනුණි. ඔවුන් එම මත්කුඩු මුහුදු මාර්ගයෙන් ගෙනැවිත් ඇති බව අනාවරණය විය. එම මත්කුඩු ප්‍රවාහනය කළ බෝට්ටුව ද විමර්ශන අංශ අත් අඩංගුවේය.
මේ වනවිට දින හතක රැඳවුම් නියෝග මත අදාල පුද්ගලයින් හය දෙනාගෙන් ප්‍රශ්න කරමින් ඇත.
එමෙන්ම අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 03ක් සමග පුද්ගලයෙක් අද ( 09) පුත්තලමේ දී අත් අඩංගුවට ගෙන තිබිණි. ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.







