සිරිලාල් කොඩිකාරයන් දිවි සැරියෙන් සමු ගනී!

මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර  අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව ලියා තබමු.

එතුමන් ලාංකේය පුවත් පත් ඉතිහාසයේ ජීවමාන ඉතිහාසයක් දරාගෙන සිටියේය.      මියයන විට 97 වැනි වියෙහි පසු වූ සිරිලාල් කොඩිකාරයන්  පුවත්පත් කලාවට පිවිසෙන්නේ වර්ෂ 1948 දීය.  ඒ ‘සිංහල ජාතිය’ පුවත්පතෙනි.  අනතුරුව එතුමා ‘දවස’ සහ ‘ඇත්ත’ යන පුවත්පත්වල ද සේවය කළ අතර ඇත්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.

සිරිලාල් කොඩිකාරයන්  දවස පුවත්පතට ලියූ ‘කොසොල් රජුගේ අලුත් සිහින’   මෙන්ම ඇත්ත පුවත්පතට ලියූ   ‘රංචාගොඩ ළමයා’ ලිපි මාලා එවකට පාඨක ප්‍රජාව මහත් සේ බැඳ තබා ගත්තේය. එවකට කොඩිකාරයන් හැඳින්වූයේ ද  රංචාගොඩ ළමයා නමිනි. වාමාංශික දේශපාලනයේ යෙදුණු ඔහු මානව ප්‍රේමය උතුරා ගලා ගිය පුවත්පත් කලාවේදියෙක් වූයේය.


‘මගේ සාක්කිය‘, ‘කැලිස්ටාගේ සවාරිය‘, ‘ටයර් සෑය‘, ‘කනේරු මල්‘, ‘මා දුටු කෝසල සිහින‘, ‘දියවැලක් ඔස්සේ‘, ‘ලෙයින් ලියූ කවි‘, ‘නොරජුන්ගේ අන්තප්පුරය‘, ‘ගහෙන් වැටුණු ගැහැනිය‘, ‘නයිල් ගඟේ කෙස් ගස‘, ‘විශ්වය තුළ විශ්ව‘  කෘති රචනා කළ ප්‍රභාමත් ගත් කතුවරයෙක් වූයේය.

සිරිලාල් කොඩිකාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙරට ජ්‍යෙෂ්ඨතම පුවත්පත් කලාවේදියකු වූ සිරිලාල් කොඩිකාර  අභාවප්‍රාප්ත වූ බව සංවේගයෙන් යුතුව ලියා තබමු.

එතුමන් ලාංකේය පුවත් පත් ඉතිහාසයේ ජීවමාන ඉතිහාසයක් දරාගෙන සිටියේය.      මියයන විට 97 වැනි වියෙහි පසු වූ සිරිලාල් කොඩිකාරයන්  පුවත්පත් කලාවට පිවිසෙන්නේ වර්ෂ 1948 දීය.  ඒ ‘සිංහල ජාතිය’ පුවත්පතෙනි.  අනතුරුව එතුමා ‘දවස’ සහ ‘ඇත්ත’ යන පුවත්පත්වල ද සේවය කළ අතර ඇත්ත පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා ලෙස ද කටයුතු කළේය.

සිරිලාල් කොඩිකාරයන්  දවස පුවත්පතට ලියූ ‘කොසොල් රජුගේ අලුත් සිහින’   මෙන්ම ඇත්ත පුවත්පතට ලියූ   ‘රංචාගොඩ ළමයා’ ලිපි මාලා එවකට පාඨක ප්‍රජාව මහත් සේ බැඳ තබා ගත්තේය. එවකට කොඩිකාරයන් හැඳින්වූයේ ද  රංචාගොඩ ළමයා නමිනි. වාමාංශික දේශපාලනයේ යෙදුණු ඔහු මානව ප්‍රේමය උතුරා ගලා ගිය පුවත්පත් කලාවේදියෙක් වූයේය.

‘මගේ සාක්කිය‘, ‘කැලිස්ටාගේ සවාරිය‘, ‘ටයර් සෑය‘, ‘කනේරු මල්‘, ‘මා දුටු කෝසල සිහින‘, ‘දියවැලක් ඔස්සේ‘, ‘ලෙයින් ලියූ කවි‘, ‘නොරජුන්ගේ අන්තප්පුරය‘, ‘ගහෙන් වැටුණු ගැහැනිය‘, ‘නයිල් ගඟේ කෙස් ගස‘, ‘විශ්වය තුළ විශ්ව‘  කෘති රචනා කළ ප්‍රභාමත් ගත් කතුවරයෙක් වූයේය.

සිරිලාල් කොඩිකාර මහතාගේ දේහය පිළිබද අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

Exit mobile version