සිරිකොත ඇවිලෙයි… ජාතික සේවක සංගම් රැස්වීම කඩාකප්පල් වෙයි….

එජාපයේ ඉදිරි මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කිරීම ඉලක්ක කරගෙන ජාතික සේවක සංගම් මුළස්ථානයේ ප්‍රධාන ශාලාවේ සංවිධානය කර තිබූ රැස්වීම අද ( 08) උදෑසන ඇති වූ දැඩි විරෝධතා හා කලබැගෑනි මධ්‍යයේ සම්පූර්ණයෙන් කඩාකප්පල් වී ගියේය.

සිදුවූ සිද්ධිය සැකවින් මෙසේය.

අද (08) පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාකාධිකාරී මණ්ඩලය රැස් වන්නට ප්‍රථම ජාතික සේවක සංගමයේ විශේෂ රැස්වීමක් එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ, ජාතික සේවක සංගමයේ සභාපති සිරිනාල් ද මැල්, එක්සත් ජාතික පක්ෂයේ ලේකම් අකිල විරාජ් කාරියවසම් ප්‍රමුඛ එජාප ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන්  සිරිකොත ප්‍රධාන ශාලාවේ දී කැඳවා තිබිණි.


උදෑසන 10 ට පමණ කැඳවා තිබූ එම රැස්වීමේ පරමාර්ථය වූයේ ඉදිරි මැතිවරණයේ දී ජාතික සේවක සංගමය එක්සත් ජාතික පක්ෂය හා එක්ව මැතිවරණ ව්‍යාපාරය සංවිධානය කරන ආකාරයය.

උදෑසන 10.20 පමණ වන විට එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ ජාතික සේවක සංගම් වෘත්තීය සමිති නායකයන් අමතා ඉදිරි සැලසුම් ගැන සාකච්ඡා කර එතැනින් පිටවී කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමට යෑමට පැමිණීමේ දී ශාලාවේ පිටිපස සිටි පිරිසක් එ.ජා.ප නායකයාගේ ගමන හරස් කර ප්‍රශ්න කරන්නට වූහ.

ඔවුන් එක හෙළා මෙසේ කීහ. “ ඔබ තුමා කවදාවත් අපට අපේ ප්‍රශ්න කියන්න දුන්නෙ නෑ… අපට ඇහුම්කන් දුන්නේ නෑ,. මේ දැන්  කරන්නෙත් ඒක… කරුණාකරලා අපට අපේ ප්‍රශ්න කියන්න ඉඩ දෙන්න.“

එවිට එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ කීවේ “ මේක ප්‍රශ්න කතා කරන්න වෙලාවක් නෙමෙයි. අපට විශාල කටයුත්තක් කරන්න ඉතිරි වෙලා තියනවා. අපි ඉතාම ඉක්මනින් හමුවෙමු. හමු වී අපේ ප්‍රශ්න කතා කරමු“ ලෙසය.

එහෙත් එම පිරිස ඊට සපුරා පටහැනිව දැන්ම තමන්ගේ ප්‍රශ්න සඳහා පිළිතුරු අවශ්‍ය බව කියමින් දැඩි කලහකාරීව හැසිරුණහ. මේ අතර හිටපු පාර්ලිම්න්තු මන්ත්‍රී රංගෙ බණ්ඩාර සභාව අමතමින් සිටියේය.

එහෙත් ඒ කතාව නෑසිනි. එකම ගාලගෝට්ටියක් ඇති විය. සිරිකොත ප්‍රධාන ශාලාව හූ හඬින් දෙවනත් විය. එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ රැස්වීම සඳහා ආයාසයෙන් පිටව ගිය අතර ජාතික සේවක සංගමයේ කැඳවා තිබූ රැස් වීම කඩාකප්පල් විය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ සිදුවූයේ එක්සත් ජාතික පක්ෂයෙන් බිඳී ගිය කණ්ඩායම විසින් කරන ලද කඩාකල්පල්කාරී ක්‍රියාවක් බව එජාප ආරංචි මාර්ග කියයි.

Exit mobile version