සියල්කෝට් කර්මාන්ත ශාලාවේ ස්ථාන 03ක ප්‍රියන්ත කුමාර ඝාතනයට  අදාල සීසීටීවී දර්ශන අතුරුදහන්..

සියල්කෝට්හි මැරයන් විසින් පහර දී ඝාතනය කර පුලුස්සා දමන ලද එම  කර්මාන්ත ශාලාවේ කළමනාකරා ප්‍රියන්ත කුමාර දියවඩන ඝාතනය සිද්ධියට අදාල  විමර්ශනයේ දී මැරයන්ගේ හැසිරීම අධ්‍යයනය කළ යුතුව ඇති   ස්ථාන තුනක   සී.සී.ටී.වී දර්ශන අතුරුදහන් වී ඇතැයි පකිස්ථාන් මාධ්‍ය  වාර්තා කරයි.

“පාකිස්ථාන් ඔබ්සවර්“ පවසන්නේ  කර්මාන්ත ශාලා පරිශ්‍රය තුළ පටිගත වී ඇති  නව වීඩියෝ දර්ශන සහ ඡායාරූප  සමූහයක් එළි දැක  ඇති නමුත් ස්ථාන තුනක මේ වීඩියෝ දර්ශන පුදුම සහගත ලෙස තුරුදහන් වී ඇති බවකි.

මාධ්‍ය වාර්තාවලට අනුව නිකුත් කර ඇති නව වීඩියෝ දර්ශන හා ඡායාරූපවලින් එක්  ඡායාරූපයක දැක්වෙන්නේ  කර්මාන්ත ශාලාවේ කළමනාකරුවූ  ප්‍රියන්ත කුමාර තමන්ට සමීපයෙන්  සේවකයින් දෙදෙනෙක්  සිටිය දී ස්ටිකරයක් ඉරා දමන ආකාරය ය.


මෙම දර්ශන ලබාගෙන ඇත්තේ කර්මාන්තශාලාවේ ස්ථාපිත කර ඇති සීසීටීවී කැමරාවලිනි.  එක් වීඩියෝවක දැක්වෙන්නෙ ගොඩනැගිල්ලේ මතු මාලයේ දී කුමාර කුපිත වූ මැරයන්ගේ  මෘග ප්‍රහාරයෙන් බේරෙන්නට  දරන උත්සාහයයි.

තුන්වන වීඩියෝවේ, කර්මාන්තශාලා කළමනාකාරිත්වය යැයි කියනු ලබන පුද්ගලයෙකු  මේ මැර ප්‍රහාරයෙන් ප්‍රියන්තව බේරා ගැනීමට උත්සාහ කරන ආකාරය දැක්වේ.     මැරයන් ඔහුට ඇහුම්කන් නොදුන් අතර ඔවුන්ගෙන් සමහරෙකු ප්‍රචණ්ඩත්වය අවුස්සන ආකාරයත් ප්‍රියන්ත කුමාරට දිගටම පහර දෙන ආකාරයත් ඉන් පෙන්නුම කර ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පුදුමයට කරුණ නම් ස්ථාන තුනක සීසීටීවී දර්ශන අතුරුදහන් වීම බව එම මාධ්‍ය වාර්තා උපුටා දක්වන ඩේලි මිරර් පවසයි.

 

Exit mobile version