සියල්කොට්හි ඝාතනයේ වීඩියෝ ප්‍රචාරය නවත්වන්න – ප්‍රියන්තගේ පවුලේ අය ලෝකයෙන් ඉල්ලයි!

පකිස්ථානයේ සියල්කොට් ප්‍රදේශයේදී අමානුෂික ලෙස ඝාතනයට ලක්වූ ශ්‍රී ලාංකික කර්මාන්තශාලා කළමනාකරු ප්‍රියන්ත කුමාර දියවඩනගේ සොහොයුරා මාධ්‍ය සහ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ගෙන් ඉල්ලා සිටින්නේ තම සොහොයුරාට අමානුෂික වධ දී ඝාතනය කිරීමේ වීඩියෝ පට ප්‍රචාරය කිරීම, බෙදාගැනීම නතර කරන ලෙසයි.

ප්‍රියන්ත ඝාතනයට අදාළ වීඩියෝ පට තවමත් සමාජ මාධ්‍ය තුළ විශාල වශයෙන් සංසරණය වෙමින් පවතී.

ප්‍රියන්තගේ සොහොයුරා කියා සිටියේ තම සොහොයුරා ඝාතනය කිරීමේ වීඩියෝ දර්ශන සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ප්‍රචාරය වීම නිසා තම පවුලේ අය, විශේෂයෙන්ම තම දරුවන් දෙදෙනා සහ බිරිඳ කම්පනයට සහ පීඩාවට පත්ව සිටින බවයි.


එබැවින් මේ වන විටත් සමාජ මාධ්‍ය තුළ සංසරණය වන වීඩියෝ දර්ශන ඉවත් කිරීමට කඩිනම් පියවර ගන්නා ලෙසද ඔහු සමාජ මාධ්‍ය බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ අතර, මෙම බිහිසුණු ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් 13 දෙනෙකු ඇතුළු සැකකරුවන් 124 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බව පාකිස්තාන මාධ්‍ය වාර්තා කළේය.

Exit mobile version