සියදිවි නසාගැනීම් වළක්වාගන්න මේ ගැනත් දැනුම්වත් වෙන්න!

වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි...

තමා සමඟ හෝ තමන් අවට සිටින පුද්ගලයන් මානසිකව කඩා වැටී සියදිවි හානිකරගැනීමේ තත්ත්වයට පත්වෙමින් ඇති බව සමාජය විසින් අවබෝධ කර ගැනීම එවැනි ඛේදවාචක නවත්වා ගතහැකි හොඳම ක්‍රමයක් බව     සමාජ සන්නිවේදක සහ රචක වෛද්‍ය ශාන්ත හෙට්ටිආරච්චි  සඳහන් කරයි.

දිවිතොර කර ගැනීමට ගොස් එයින්  බේරා ගෙන රෝහල් ප්‍රතිකාර සඳහා යොමු කළ පුද්ගලයින් නැවත ජීවිතය අහිමි කර ගැනිමට උත්සාහ නොකර බවත් එයින් කියවෙන්නේ මිය යෑමට සිතෙන ක්ෂණික සිතිවිල්ල ක්‍රියාත්මක කිරීම වළක්වා ගැනීමෙන් එවැනි ඛේදවාචක හැකි තරම් අවම කර ගත හැකි බවත් යැයි ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

තමා අවට සිටින පුද්ගලයන්ගේ මානසික තත්ත්වය යහපත් නොමැති බව අවබෝධ කර ගැනීමට යම් සාධක කිහිපයක් පිළිබඳ දැනගෙන සිටීම ඉතා ඉතාම වැදගත් යැයිද වෛද්‍යවරයා සඳහන් කළේය.

සාධාරණ හේතුවක් නොමැතිව අසතුටින් කනස්සල්ලෙන් සිටීම.
සාධාරණ හේතුවකින් තොරව බිය වී සිටීම.
එම පුද්ගලයන් නිතරම කෝපයට පත්වී සිටීම.
දිගින් දිගටම නින්ද නොයෑම.
තමා අවට සිටින පුද්ගලයන්ගෙන් ඈත් වී තනිව සිටීමට උත්සාහ කිරීම.
තමා අවට සිදුවන කුඩා වෙනසකින් පවා විශාල වශයෙන් කලබලයට පත්වීම.
මානසික මට්ටම එකවර වෙනස් වෙනස් වීම. (උදා – මේ මොහොතේ සතුටින් සිටින පුද්ගලයා එකවර ශෝකයට පත්වීම.)
තමා නියැළෙන කාර්යය කෙරේ අවධානය යොමු කිරීමට නොහැකි වීම. (උදා- අධ්‍යාපනය, රැකියාව.)


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තමාට හෝ තමා අවට පුද්ගලයන් තුළ මෙවැනි ලක්ෂණ දක්නට ලැබේ නම් ඔවුන් තනි නොකළ යුතු බවත් ඔවුන් වහාම මනෝ වෛද්‍යවරයකු වෙත යොමු කළ යුතු යැයිද තවදුරටත් වෛද්‍යවරයා කියා සිටියේය.

Exit mobile version