සිතුල්පවුව දාගැබ බින්ද දෙබරවැව නිධන් හොරෙක් සොයා මෙහයුම්….

සිතුල්පව්වේ පරිවාර  දාගැබක් වූ මගුල් මහා සෑය බිඳ දැමූ ප්‍රධාන අපරාධකරු සේ සැලකෙන දෙබරවැව රුවන් නැමැත්තෙක් සොයා විශේෂ විමර්ශන ආරම්භ කර ඇතැයි පොලිසිය කියයි.

මෙම හොරු කණ්ඩායම ඉතාම පළපුරුදු පුරාවස්තු අපරාධකරුවන් බව සැක කරන බව පොලිසිය පවසයි.

නිධන් හෑරූ උපකරණ

මෙම අපරාධකරුවන් ගර්භය බිඳ, ගර්භයේ තැන්පත් කළ නිධන් වස්තු ප්‍රමාණයක් ගෙන  එම බිඳ දැමූ කොටස ප්ලාස්ටර් ඔෆ් පැරිස් යොදා වසා දමා නික්ම යන්නට උත්සාහ කරන අවස්ථාවේ දී අහම්බයෙන් ඔවුන් දුටු හමුදා නිලධාරියෙක් කළ ප්‍රශ්න කිරීමක දී එක් පුද්ගලයෙක් පමණක් අත්අඩංගුවට ගෙන තිබිණි.


කඩා නිධන් සොරකම්කළ ගර්භය යළි පිළිසකර කර ඇති අයුරු

අනෙක් පිරිස පලා ගොස් ඇත. මේ වනවිට සිද්ධිය සම්බන්ධ ජිප්රථ රියදුරෙක් සහ තවත් පුද්ගලයෙක් පොලිස් අත්අඩංගුවට පත් වී තිබේ.

ගර්භය වැසූ ප්ලාස්ටර් ඔෆ් ෆැරිස් බදාමය

සිතුල්පව්වේ ප්‍රධාන ස්ථූපය කාවන්තිස්ස රජු විසින් ඉදිකර ඇති බව සලකන අතර පරිවාර දාගැබ්  වසබ රජු දවස ඉදි කළ බව සැලකේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව ස්ථානීය පරීක්ෂාවක් ආරම්භ කර තිබේ.‍ මාධ්‍ය කණ්ඩායම් වෙත එම ස්ථානයට ලඟා වීමට විහාරාධිපති හිමියන් තවමත්   අවසර ලබා දී නැත.

Exit mobile version