සෑම කොවිඩ් ආසාදිතයන් 100කින්ම දෙදෙනෙක් මැරෙනවා… රට මළගෙයක් නොකරන්න… සෞඛ්‍ය අංශ ඉල්ලයි..

මෙහෙම ගියොත් දවස් 14න් ඉන්දියාවේ අත්දැකීම ලබන්න පුලුවන්.. ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය කියයි....

Covid-Death

අප නොසැලකිලිමත් ලෙස හැසිරුණහොත් තව දින 14ක් යන්නට පෙර ඉන්දියාවට වන දේ නිසැකවම සිදුවන බවත් කොවිඩ් ආසාදනය වන සෑම රෝගීන් සියයකගෙන්ම පස්දෙනෙකුට අසාධ්‍ය වී දෙදෙනෙක් මිය යෑමේ ප්‍රවණතාවයක් දැනට ඇති බවත් . ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපතිනී විශේෂඥ වෛද්‍ය පද්මා ගුණරත්න මහත්මිය පැවැ
සුවාය .

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වේගයෙන් පැතිරී යන ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය නිසා රට විශාල අනතුරකටය යන බව සෞඛ්‍ය අංශ අනතුරු අඟවා තිබූ අතර සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයා අද මාධ්‍යයට ප්‍රකාශ කළේ ලංකාවේ ඕනෑම තැනකින් ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූවන් සිය ගණනක් වාර්තා විය හැකි බවය.

මේ තත්වය යම් පමණකින් කළමනාකරණය කරගැනීමට සමාජයේ වගකීම් සහගත හැසිරීම මෙන්ම රෝගීන් සොයා ගොස් ප්‍රතිකාර කිරීමත් අශ්‍රිතයන් වෙන් කිරීමත් අත්‍යාවශ්‍ය බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේය.

Exit mobile version