ජාතික රෝහලේ අධ්‍යක්ෂ හෙදියන් පිරිසකගේ පුද්ගලික දුරකථන අංක මාධ්‍යයට දීලා

දුරකථන අංක ප්‍රසිද්ධ වූ හෙදියන්ගෙන් අයෙක් මානව හිමිකම් යන්න හදයි...

nurse

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ජාතික රෝහලේ සායනවලින් බෙහෙත් ගන්නා රෝගීන්ට තමන්ගේ සායනික තොරතුරු දැනගැනීම සඳහා රෝහල් අධ්‍යක්ෂවරයාගේ අත්සනින් යුතුව මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ හෙදියන් පිරිසකගේ පුද්ගලික දුරකථන අංක බව වාර්තා වේ.

තමන්ගේ අනුදැනුමකින් තොරව මෙසේ සිය පුද්ගලික දුරකථන අංක මාධ්‍ය ඔස්සේ ප්‍රකාශ කිරීම නිසා තමන් බරපතල අපහසුතාවයකට පත් වී සිටින පවසන එම හෙදියන් දැන් සිය රාජකාරි ජීවිතය මෙන්ම පුද්ගලික ජීවිත ද අවුලකට වැටී ඇති ආකාරය පෙන්වා දෙයි.

මෙම හෙදියන්ගෙන් ගෙන් අයෙක් මේ සම්බන්ධව මානව හිමිකම් කොමිසම වෙත පැමිණිලි කිරීමට සූදානම්වන බව ජාතික රෝහල් ආරංචි මාර්ග පවසයි.

Exit mobile version