සාමාන්‍යපෙළ ප්‍රතිඵල පමාවීමට හේතුව ඇමති කියයි….

අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිපල නිකුත් කිරීම සම්බන්ධ ව පැන නැඟී තිබෙන ප්‍රධාන ගැටලුව වන්නේ සෞන්දර්යය විෂයයන් අට (08) හැදෑරූ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට  නොහැකිවීම බව  අධ්‍යාපන ඇමතිවරයා කීවේය.

“සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි 622000ක් සිසුන්ගෙන් 169000ක් පමණ දරුවන් සෞන්දර්යය විෂයයන් හදාරා තිබෙනවා. ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීමට නොහැකි වුවහොත් මේ තත්ත්වය තුළ පාසල් පාදක තක්සේරු කිරීම මත ලකුණු ලබාදීමෙන් අනතුරු ව ප්‍රතිපල නිකුත් කිරීමක් සිදු කරන්නේ ද යන ගැටලුව දැනට අප හමුවේ තිබෙනවා.“

“ පසුගිය වර්ෂයේ සමස්ත ප්‍රතිඵලය සහ ප්‍රායෝගික පරීක්ෂණ අතර කවර ආකාරයේ සම්බන්ධයක් පවතින්නේ ද යන්න සොයා බලා තාක්ෂණික උපදෙස්වලින් අනතුරු ව එම තීරණයට එළඹීමට අපේක්ෂා කරනවා.“ යැයි ඇමතිවරයා කීවේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ කේම්බ්‍රිජ්  සහ ලන්ඩන් විභාගය සම්බන්ධයෙන් ද එවැනි ගැටලු පැන නැඟී  තිබුණ නමුත්  ඔවුන්  ඉතා ‍ප්‍රායෝගික ව සහ නම්‍යශීලී අයුරින් තීරණයන්ට එළඹී එම ගැටලු නිරාකරණය කරගෙන ඇති බවය.

 

Exit mobile version