සාම්පලේට හොඳ පොල්තෙල් වෙළෙඳපොළට වස පොල්තෙල් කූඨ ජාවාරමේ තොරතුරු එළියට

පිරිපහදු නොකරන ලද පොල්තෙල් මෙරටට ගෙන්වීමේදී ද විස පොහොර ගෙන්වූ ආකාරයටම පරීක්ෂා කිරීමේ ආයතනවල හොඳ පොල්තෙල් සාම්පල ලබා දී විස සහිත පොල්තෙල් පිරිපහදුකරණය ද සඳහා නිදහස් කිරීම් කූඨ වැඩපිළිවෙළක් පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරන ද මූලකි විමර්ෂණවලදී අනාවරණය වී ඇති බවත් මේ තත්ත්වය නිසි ලෙස තහවුරු කර ගැනීම සඳහා තවදුරටත් විමර්ෂණ සිදුවන බවත් පොලිස් ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

විමර්ශෂණවලීන් ලැබී ඇති තොරතුරු අනුව මෙරටට පිරිපදු නොකරන ලද පොල්තෙල් සමාගම් හතක් විසින් ගෙන්වනු ලබන අතර මෙම සමාගම් හතම මේ වංචාව සිදුකර ඇති බවත් පෙනී යන්නේ යයි ද මෙම ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම පොල්තෙල් ආනයනකරුවන් විසින් ගෙන්වනු ලබන පොල්තෙල් පිරිපහදුකරණයට ලක් කිරීමට වෙළෙඳපොලට යැවීමට ප්‍රථම ව ශ්‍රි ලංකා ප්‍රමිති ආයතනයේ පරීක්ෂාවකට ලක් කළ යුතුව තිබේ.


මේ සඳහා ඔවුන් අහිතකර සංයෝගවලින් තොර හොඳ වර්ගයේ සාම්පලයක් ලබා දෙන අතර මෙම වාර්තාව පැමිණෙන තෙක් ඒවා ගබඩා කළ යුතු වන්නේ අදාළ ආනයන සමාගම්වලටම අයත් බන්ධිත ගුදම්වලය. ඊට හේතුව රේගුවේ ඊට අදාළ ඉඩකඩ පහසුකම් නොතිබීමය.

මෙසේ තම සමාගම්වල ගුදම්වලට ගෙන යන මෙම පොල්තෙල් බහලුම්වල සීල් රහසිගතව කඩා ඒවා පිරිපහදු කිරීමේ කර්මාන්ත ශාලා වෙත ගෙනයාමට ඔවුන් කටයුතු කරන බව අනාවරණය වී තිබේ.

පසුගියදා දංකොටුව ප්‍රදේශයේ කර්මාන්ත ශාලා පරිශ්‍රයක බවුසර් දෙකක තිබී අත්අඩංගුවට ගත්තේ ද එලෙස අනුමැතිය ලැබෙන්නට පෙර කර්මාන්ත ශාලාවකට පිට කරන ලද පොල්තෙල් බව අනාවරණය වී තිබේ.

මෙම සාම්පල ලබා ගැනීමේ සහ යොමු කිරීමේ ක්‍රියාවලියේ පවතින අඩුපාඩු හේතුවෙන් මෙසේ මෙම ආනයනකරුවන් කූඨ උපක්‍රම භාවිත කරන බවත් ඔවුන් ඇෆ්ලටොක්සින් පිළිකාකාරකය සහිත පොල් තෙල් මෙරටට ගෙන එන්නේ පූර්ව දනුවත් බවකින් බව අනාවරණය වී ඇති බවත් මෙම ආරංචි මාර්ග ලංකාසරට අනාවරණය කළේය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


විශේෂයෙන් පිරිපහදු කළ, විරංජනය කළ සහ දුගඳ ඉවත් කරන ලද පොල් තෙල් (RBD- Refined Bleached , Deodorized ) ලෙස වෙළෙඳපොලට ඉදිරිපත් වන්නේ මෙම පොල්තෙල් ය.

Exit mobile version