“ස්පා“ සහ “රූම්ස්“ කොවිඩ් පොකුරු ඇති වීමේ අවදානම වළක්වන්න…

මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරීන්ගේ සංගමය නීිතිය ක්‍රියාත්මක කරන අංශවලින් ඉල්ලයි...

නතාෂා නෙත්මිණී  –                                      

ග්‍රාමීය ප්‍රදේශයන් හි නිවෙස් තුල  උපකාරක පංති පවත්වාගෙන යාම, විවිධ වෙළඳ ආයතනයන් තුළ ස්පා සහ  කාමර ලබා දීමට ඇතැම් පුද්ගලයින් කටයුතු කිරිම හමුවේ ඉදිරියේදී  උපකාරක පංති,  ස්පා සහ රූම්ස් පොකුරු මතුවීමේ බරපතල අවදානමක් පවති බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය අනතුරු අගවා සිටියි.

සෞඛ්‍ය අමාත්‍යංශයේ අවසරයකින් තොරව මෙම ආයතන හොර රහසේ දෙරගුළු ලා මේවා  පවත්වාගෙන යාමට  කටයුතු කර ඇති බැවින් මෙහි හිමිකරුවන්ට විරුද්ධව නීතිය තදින්ම ක්‍රියාත්ම කිරිමට කටයුතු කරන්නැයි සංගමයේ ලේකම් මහෙන්ද්‍ර බාලසූරිය  අදාල අංශවලින් ඉල්ලිමක් කරයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තවද සෞඛ්‍ය අමාත්‍යංශය මගින්  විවාහ මංගල්‍ය  කටයුතු සඳහා  සීමිත පිරිසකගේ සහභාගිත්වයට අවසර දී තිබුණද අනුමත කර තිබෙන සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් රැස්කිරිමට ඇතැම් පුද්ගලයින් කටයුතු කරන බවද හෙතෙම පැවසීය.


 

Exit mobile version