සහරාන්ලා  අප්‍රියෙල් 21 වැනිදා ලංකාවේ පල්ලි සහ හෝටල්වලටම ගැහුවේ ඇයි..?

සහරාන්ගේ වීඩියෝවක් හෙළි කරයි

විකුම් වික්‍රමසිංහ –

පසුගිය වසරේ අප්‍රියෙල් මස 21 වැනිදා ඉස්ලාමික අන්තවාදී ත්‍රස්තයන් ශ්‍රි ලංකාවට ප්‍රහාර පෙළක් එල්ල කළේ ඇයිද යන ප්‍රශ්නයට පිළතුරු ගණනාවක් පොලිසිය විසින් සොයා ගන්නා ද සහරාන්ගේ දේශන සහිත වීඩියෝවක සඳහන්ව ඇති බව වාර්තා වේ. මෙම කරුණු ඉදිරි විමර්ශණ සඳහා යොමු කොට ඇ.ති අතර එයින් හෙළි වන පරිදි ශ්‍රි ලංකාවට ප්‍රහාර එල්ල කිරීම සඳහා මෙම ත්‍රස්තයන් පොලඹවන හේතු ගණනාවක් සඳහන් කර තිබේ. මෙම හේතු අතර විශේෂයෙන්ම කතෝලික දේවස්ථාන ඉලක්ක කිරීමට හේතුව ලෙස සඳහන් කොට ඇත්තේ පසුගිය වසරේදී නවසීන්තයේ මුස්ලිම් දේවස්ථානයකට ක්‍රිස්තියානි ආගම අදහන පුද්ගලයකු විසින්  පුද්ගලයකු විසින් සිදු කරන ද ම්ලේච්ඡ ඝාතන සහ ක්‍රිස්තියානි හා කතෝලික ආගම අදහන පිරිස බහුතරයක් වෙසෙන යුරෝපීය රටවල් මුස්ලිම් ජනතාව වෙනුවෙන් සිදු කෙරෙන හිංසන මෙන්ම එම රටවල් ඉස්ලාමීය අන්තවාදී ත්‍රස්තවාදියට එරෙහිව සිදු කෙරෙන සටන්වලට ආධාර උපකාර කිරීම බව සඳහන් කොට තිබේ.

එසේම එම අනාවරණය පරිදි මෙරට සංචාරක හෝටල් ප්‍රහාරය සඳහා එල්ල කිරීමට හේතු වී ඇත්තේ ඉරාකය, සිරියාව වැනි රටවල ඉස්ලාම් ආගම අදහන ජනතාව ඝාතනය කිරීම හිරිහැර කිරීම වැනි අකටයුතුකම්වලට උපකාර කරන රටවල ජනතාව සංචාරකයන් ලෙස මෙරට හෝටල්වලට පැමිණීමය.මෙම ජාත්‍යන්තර හේතු දෙක මත ප්‍රහාර එල්ල කිරීමට ශ්‍රි ලංකාව තෝරා ගැනීමට හේතු ලෙස ඔවුන් දක්වා ඇත්තේ ශ්‍රි ලංකාවේ ඉස්ලාම් ආගම ට අපහාස නිරීම, අල්ලා දෙවියන් වහන්සේට අපහාස වන අකාරයේ රූපයක් කුලියාපිටිය ප්‍රද්ශයේ ප්‍රදර්ශනය කිරීමය. ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් විසින් දැඩි ලෙස ඉස්ලාම් ආගම විවේචනය කිරීම,මෙරට ජනතාව මුස්ලිම් දේවස්ථානවල අලාභ හානි සිදු කිරීම ඇතුළු කරුණු රැසක් බලපා ඇති බව එම දේශනය මඟින් හෙළි කරයි.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එසේම සහරාන් තම දේශනයේදී පවසා ඇත්තේ අල්ලා දෙවියන් වහස්සේ වෙනුවෙන් ජීවිතය පරිත්‍යාග කිරීම හෙවත් ඉෂ්තිසාදි කිරීම ගෞරවයටත් ජයග්‍රහණයටත් මෙන්ම පාරාදීසය වෙත ඉක්මනින් ළඟා වීමටත් හේතුවක් බවය. එසේම ශ්‍රි ලංකාව අයි.එස්.අයි.එස් සංවිධානයේ මඟ යන මුස්ලිම්වරුන් වර්ධනය කිරීමටද හේතුවක් බව බව ඔහු සඳහන් කර ඇත. බෝම්බ ප්‍රහාරයේදී කැබලි වී විසිරකන මස් සහ ඇට කැබලි සහ හිස් කබල්වලින් මුස්ලිම් අධිරාජ්‍යෙය්  බීජ රෝපණය වන බවද සහරාන් මෙම ප්‍රහාරයට සූදානම් වන ප්‍රහාරකයන්ට පවසා ඇත. මෙම බෝම්බ ප්‍රහාර මාලාව ආරම්භයක් පමණක් බවත් ඔවුන්ගේ ආගම අනුගමනය නොකරන අය ඉදිරියේදී තම අනුගාමිකයන් පැමිණ මරා දමනු ඇති බවද සහරාන් මෙම වීඩියෝවේන් ප්‍රකාහ කොට ඇති බව වාර්තා වේ.

Exit mobile version