සවුත්බාර් හමුදා කඳවුරු වෙරළට ඉන්දියාවෙන් ආපු බය හිතෙන පෙට්ටිය…

දිනසේන රතුගමගේ –

මන්නාරමේ සවුත්බාර් යුද හමුදා කදවුර පිටුපස වෙරළට විදුලි පරිපථවලින් සමන්විත විශාල පෙට්ටියක් ගොඩ ගැසීමත් සමගම  ආරක්ෂක අංශ ඊයේ  (20 ) දැඩි අවධානයකින් යුතු වමර්ශනයක පසුවිය.   

මෙම හඳුනා නොගත් පෙට්ටිය ගොඩ ගැසීමත්  සමගම නාවික හමුදාව යුද හමුදාව හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන්  අදාල ස්ථානයට ගොස් පරීක්ෂණ ආරම්භ කළහ.

මෙම විශාල පෙට්ටිය ඉන්දියාවේ සිට ගොඩ ගසන ලද පෙට්ටියක් බවට තොරතුරු  අනාවරණය වී ඇති අතර එවැනි පෙට්ටියක් විදුලි පරිපථ යොදා සකස් කරණ ලද්දේ කවර හේතුවක් සදහාද යන්න අනාවරණය කර ගැනීමට නිලධාරින්ට නොහැකිවී තිබේ.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් ලවා එම ආගන්තුක පෙට්ටිය පුපුරවා හැරීමට මන්නාරමේ ආරක්ෂක නිලධාරීන් පියවර ගෙන තිබේ.

Exit mobile version