සල්ලිවලට ක්‍රිකට් ගහන ක්‍රීඩකයන්ගේ කළමනාකරුවන් පාලක මණ්ඩලයට එරෙහිව මඩ ව්‍යාපෘති අරඹයි!

Cricket batsman bouncing a ball. He is wearing unbranded sports cloth and equipment. The bleachers full of people are blurred behind the player. There is intentional lenseflares on the image. The stadium is made in 3D.

මුදල් විශාල වශයෙන් ලැබෙන විදෙස් ප්‍රිමියර් ලීග් තරගාවලි සඳහා සහභාගි වීම සඳහා තමන් ජාත්‍යන්තර පිටියෙන් විශ්‍රාම ගන්නා බව හදිසියේ ප්‍රකාශ කරන ක්‍රීඩකයන් සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පසුගිය සිකුරාදා ගනු ලැබූ තීරණය  ක්‍රීඩකයන් මෙන්ම ඔවුන්ගේ  පෞද්ගලික කළමනාකරුවන්ටද බෙහෙවින් බලපා ඇතැයි වාර්තා වේ.

ක්‍රිකට් ක්ෂේත්‍රයේ බොහෝ දෙනා ක්‍රිකට් ආයතනය විසින් ක්ෂණිකව ගත් මෙම පියවර අගය කරමින් සිටියත්  මේ ක්‍රීඩකයන් අදාල ලීග සඳහා යොමු කරන  ඔවුන්ගේ පෞද්ගලික කළමනාකරුවන්ගේ 15% ක කොමිස් මුදලද  අහිමි වීම නිසා ඔවුන් සමාජ ජාලා පේජ් ඇඩිමින්වරුන්ට මුදල් ගෙවාමින් තම  ක්‍රීඩකයන් ප්‍රචාරණය කිරීම හා පාලක මණ්ඩලය විවේචනය කිරීම දැනටම අරඹා ඇතැයි දැනගන්නට ඇත.

රටට ක්‍රීඩා කිරීමට වඩා මුදලට ප්‍රමුඛත්වය දී  ලීග් ක්‍රිකට් ක්‍රීඩා කරන්නට සැලසුම් කර තිබූ බොහෝ ක්‍රීඩකයන්ට ක්‍රිකට් ආයතනයේ  මෙම පියවර හේතුවෙන් ඉදිරියේ පැවැත්වෙන බොහෝ විදෙස් ලීග අහිමි වීමට නියමිතය.


තව සතියකින් ආරම්භ කෙරෙන බංග්ලාදේශ ප්‍රිමියර් ලීගයට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටි භානුක රාජපක්ෂ ඇතුලු ක්‍රීඩකයන් අට දෙනෙකුට මේ අනුව එහි තරග වැදීමට  අවස්ථාව අහිමි වී තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ක්‍රිකට් විධායක සභාවේ තීරණය අනුව මින් ඉදිරියට විදෙස් ලීග සඳහා අනුමැතිය ලැබීමට නම් ජාත්‍යන්තර පිටියෙන් තමන් විශ්‍රාම ගැනීම මාස තුනකට කලින් දැනුම් දීමටත් විශ්‍රාම ගොස් මාස හයක් යනතුරු බලා සිටීමටත් ක්‍රීඩකයන්ට සිදුවේ.

 

 

Exit mobile version