සල්මන් ඛාන්ගේ පවුලේ අය නුවර දළ ඇත්තු මිල දී ගනිති

ලබන මාසයේදී පැවැත්වීමට නියමිත එස්.එල් පීඑල් ප්‍රිමියර් ලීග් 20 – 20 ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන කැන්ඩි ටස්කර්ස් (නුවර දළ ඇත්තු) කණ්ඩායම සඳහා සම්පූර්ණ අනුග්‍රාහකත්වය ඉන්දීය සුපිරි බොලිවුඩ් නළු සල්මාන් ඛාන් ගේ පවුලේ සාමාජිකයන් විසින් මිල දී ගනු ලැබ ඇත.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සල්මාන්ඛාන්ගේ සොහොයුරකු වූ සොහායිල් මෙන්ම ප්‍රකට චිත්‍රපට තිර පිටපත් රචකයකු වන සල්මාන්ගේ පියා වන සලීම් ඛන් ඇතුළු සාමාජිකයන් ඇතුළත් වන සොහායිල් භාන් ඉන්වෙස්ට්මන්ට් නැමැති ආයතනය විසින් මේ ගනුදෙනුව සිදු කොට ඇති බව ටයිම්ස් ඔෆ් ඉන්දියා පුවත් පත වාර්තා කරයි.

ඊට අදාල ගිවිසුම්වලට ඔවුන් මේ වනවිට පැමිණ ඇති තර එම කණ්ඩායම නියෝජනය කරන සෑම තරගයක්ම නැරඹීඑමට සල්මන් ඛාන්ද පැමිණෙන බව ඔහුගේ සොහොයුරා වන සොහායිල් ඛාන් පවසයි.

කැන්ඩි ටස්කර්ස් කන්ඩායමේ නායකත්වය බටහිර ඉන්දීය කොදෙව් සුපිරි ක්‍රීඩක ක්‍රිස් ගේල් විසින් දරනු ලබන අතර ඛාන් පවුල ඔහු පිළිබඳව තබා ඇතිතේ විශාල විශ්වාසයකි. එසේම මෙම කණ්ඩායමට කුසල් ජනිත් පෙරේරා, කුසල් මෙන්ඩිස්, නුවන් ප්‍රදීප්, එංගලන්ත ක්‍රීඩක ලියම් ප්ලන්කට් සහ පකිස්තාන ක්‍රීඩක වහබ් රියාස් යන ක්‍රීඩකයෝ ඇතුළත් වෙති.

Exit mobile version