සමාජය නිරුවත් කරමින් දූෂණය වූ දැරිය මුලින්ම දූෂණය කළේ ඇගේ පියා… පොලිස් විමර්ශනවල දී හෙළි වේ…

Raped

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


සමාජයම තිගස්වමින් ආන්දෝලනයට ලක් වී ඇති 15 දැරිය මුල්ම වරට දූෂණයට ලක්කර තිබුණේ ඇයගේ පියා බවත් වර්ෂ 2018 දී ඇයව සිය පියා අතින් දූෂණයට ලක්වන විට ඇයගේ වයස අවුරුදු 12ක් පමණක් බවත් පොලිස් විමර්ශන අංශ විසින් හෙළිදරවු කරගෙන ඇත.

අනතුරුව එම දැරිය සිය නැගනිය ලෙස දක්වමින් ඇයගේ මව විසින් තම අනියම් සැමියා වෙත දියණියව විකුණා ඇති බව හෙළි වී තිබේ. දැරියගේ මවගේ අනියම් සැමියා විසින් දැරිය දූෂණය කිරීමෙන් අනතුරුව ඇයගේ ඡායා රූප කාන්තාවන් ගණිකා වෘත්තියේ යෙදවීම සඳහා භාවිත වන වෙබ් අඩවි ගණනාවක පල කර ඇයව අලෙවි කර ඇත්තේ මවගේ මෙහෙයවීම යටත් බව අනාවරණය වී ඇත.

ඒ ඔස්සේ කරන ලද විමර්ශනවලින් දැනට චීවරධාරින්, දෙස් විදෙස් දේශපාලකයින්, සුප්‍රකට ව්‍යාපාරිකයින්, ගායකයින්, ආරක්ෂක අංශවල නිලධාරීන්, වෛද්‍යවරුන් ඇතුළු පුද්ගලයින් 41 දෙනෙක් අත්අඩංගුවට පත් වී තිබේ.

තවත් විශාල පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතව සිටින බව වාර්තා වේ.
අනාවරණය වී ඇති සියලුම දුරකථන වාර්තා, වෙබ් අඩවි, බැංකු වාර්තා, සීසීටීවී සහ වෙනත් තොරතුරු විශ්ලේෂණය කිරීම සඳහා විමර්ශනය පුළුල් කර ඇති බව පොලිසිය පවසයි.

මේ අතර, අවස්ථා කිහිපයකදීම නීතිපතිවරයා විසින් අතිරේක සොලිසිටර් ජනරාල්වරයෙකු ඇතුළු රාජ්‍ය උපදේශකවරුන් කිහිප දෙනෙකු පත් කර ඇති අතර, විමර්ශන කඩිනම් කිරීමේ අවශ්‍යතාවය සහ නිසි ලෙස සාක්ෂි ගොනු කිරීමේ අවශ්‍යතාවය පිළිබඳව උපදෙස් ලබා දී ඇත.

Exit mobile version