සම්පත් බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමියා – ප්‍රභාෂ් සුබසිංහ

ධම්මික පෙරේරා තවමත් අංක එක - EPF තුන්වැනි තැන

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රි ලංකාවේ ප්‍රමුඛ පෙළේ බැංකුවක් වන සම්පත් බැංකුවේ දෙවන විශාලතම කොටස් හිමිකරුවා බවට පත් වීමට මෙරට ප්‍රධාන පෙළේ අපනයනකරුවකු වන ප්‍රභාෂ් සුබසිංහ මහතා සමත් වෙයි. ග්ලෝබල් රබර් ඉන්ඩස්ට්‍රීස් සහ ග්ලෝබල් සී ෆුඩ් සමාගම්වල හිමිකාරීත්වය දරන සුබසිංහ පවුලේ සාමාජිකයකු සහ එම සමාගම් හි කළමනාකාර අධ්‍යක්ෂවරයා වන ඔහු මෙසේ තම සම්පත් කොටස් වැඩි කර ගත්තේ ග්ලෝබල් ව්‍යාපාරයට අයත් ආයෝජනය සමාගම වන අයෙන්කා හෝල්ඩිග්ස් වෙත සම්පත් බැංකුවේ කොටස් සියයට 10ක් හිමි කර ගැනීමෙනි. ඒ අනුව ප්‍රභාෂ් සුබසිංහ මහතාට සහ ඔහුට අයත් සමාගම්වල සම්පත් කොටස් මිලියන 38ක් පවතින අතර මෙතෙක් සම්පත් බැංකුවේ දෙවැනි විශාලතම කොටස් හිමිකාරීත්වය දැරූ සේවක අර්ථ සාධක අරමුදල (ඊ.පීඑෆ්) තෙවැනි තැනට පත්විය.
සම්පත් බැංකුවේ තවමත් වැඩිම කොටස් හිමි ආයෝජකයා වන්නේ ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සහ ඔහුගේ හිමිකාරීත්වය දරන වැලිබල් වන් සමාගමයි. එම ප්‍රතිශතය සියයට 15කි.
සම්පත් බැංකුවේ උප සභාපති ධුරය හොබවන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රුෂංක ද සිල්වා සහ ඔහුගේ පියා වන ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමාගමේ නිර්මාතෘ ඉන්ද්‍ර කුමාර ද සිල්වා සම්පත් බැකුකවේ සිව්වැනි විශාලතම කොටස් හිමිකරුවන් වන අතර ඔවුන්ට එම බැංකුවේ සියයට 8.2ක කොටස් හිමකාරීත්වයක් ඇත.
ප්‍රභාෂ් සුබසිංහ මහතා කළමනාකාර අධ්‍යක්ෂ ධුරය දරන ග්ලෝබල් සී ෆුඩ් ආයතනය මෙරට ප්‍රදාන පෙලේ මත්ස්‍ය නිෂ්පාදන අපනයන සමාගමක් වන අතර ඔවුන්ගේ පවුලේ මූලික ව්‍යාරපාය වූයේ එයයි. එයින් පසුව රබර් නිෂ්පාදන ක්ෂේත්‍රය් අයෝජන කළ සුබසිංහ පවුල ආරම්භ කළ ග්ලෝබර් රබර් ඉන්ඩස්ට්‍රිස් සමාගම වානිජ සහ කෘෂි වාහනවල ප්‍රමුඛ ටයර් නිෂ්පාදකයකු සහ අපනයනකරුවකු බවට පත්ව සිටී. සෙලින්කේ සමූහ ව්‍යාපාරයේද සැලකිය යුතු කොටස් හිමිකාරීක්වයක් දරන ග්ලෝබල් ව්‍යාපාර කොටස් වෙළෙඳපොල ආයෝජන සඳහා ඇති කළ ආයෝජන සමාගම වන්නේ අයෙන්කා හෝල්ඩිංග්ස් සමාගමයි. ඒ හරහා ව්‍යාපාර ගණනාවක කොටස් ආයෝජනය කර ඇති අතර මෙම ආයෝජනය ඔවුන්ගේ විශේෂිත ආයොජනයක් ලෙසින් සැලකෙයි. මුලින්ම 2019 වසරේ සම්පත් බැංකුවේ කොටස් මිල දී ගැනීම ආරම්භ කළ ප්‍රබාස් සුබසිංහ මහතා පසුගිය 03 වැනිදා ගනුදෙනුව සිදු කර ගන්නා විට සම්පත් බැංකුවේ සියයට 5කට ආසන්න කොටස් හිමිකාරීත්වයක් පැවතිණි. පසුගිය වසරේ අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපතිවරයා ලෙසද කටයුතු කළ ප්‍රභාෂ් සුබසිංහ මහතා වසරක සේවා කාලයෙන් අනතුරුව තම සමාගමේ ව්‍යාපාර කටයුතු කෙරෙහි අවධානය යොමු කිරීමේ අරමුණින් එම තනතුරින් ඉල්ලා අස්විය.

Exit mobile version