සබන් අඩුවට ඕන නම් බහුජාතික අයට දෙන බදු සහන දේශීය අපටත් දෙන්න!

දේශීය ව්‍යවසායකයෙක් කියයි

Samantha Kumarasinghe

බහුජාතික සමාගම්වලට ලබාදෙන බදු සහනය දේශීය සමාගම්වලටත් ලබා දෙන්නේ නම් අඩු මුදලට සබන් ලබා දිය හැකි යැයි ‘නේෂන්ස් බියුටි ක්‍රියේෂන්ස්’ ආයතනයේ කළමණාකරණ අධ්‍යක්ෂ සමන්ත කුමාරසිංහ මහතා පවසයි.

කුමාරසිංහ මහතා පවසන්නේ සබන් ඇතුළු මෙම නිෂ්පාදනවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ආනයනයේදී ආනයන බද්ද දේශීය ව්‍යපාරිකයන්ට සියයට 40ක් වනවිට බහු ජාතික නිෂ්පාදකයන්ට එය සියයට 5ක් පමණක් වන බවය. දිනපතා අරුණ පුවත් පක සමඟ සාකච්ඡාවක යෙදෙමින් ඔහු පවසා ඇත්තේ අඩුම තරමින් මේ අවස්ථාවේදීවත් දේශීය ව්‍යාපාරිකයන්ගේ බදු සියයට 5ක් පමණ අඩු කළහොත් දේහීය නිෂ්පාදකයන්ට සාපේක්ෂව අඩු මිල වැඩි කිරීමකින් වෙළෙඳපොලේ අඩු මිලකට සබන් අලෙවි කළ හැකි වන බවය.

කෙසේ වුවද පවතින ඩොලර් අර්බුදය සහ ඉන්ධන මිල වැඩි වීම ඇතුළු වියදම් වැඩි වීම මත ඉහත බදු සහනය ලබා දීම තුළ පවා මෙම නිෂ්පාදනවල මිල සියට 15කින්වත් ඉහළ දැමීමට සිදුව ඇති බව සමන්ත කුමාරසිංහ මහතා පවසයි.


මෙරට සබන් නිෂ්පාදනයට අවශ්‍ය අමුද්‍රව්‍ය ගණනාවක්ම ආනයනය කරනු ලබන්නේ ඉන්දුනීසියාවෙන් හා මැලේසියාවෙනි. ඩොලරයේ අගය වැඩිවීමත් සමඟ අමුද්‍රව්‍ය සඳහා සේම ප්‍රවාහන වියදම් ඇතුළු අමතර වියදම් සියල්ල ඉහළ ගොස් තිබේ. එම තත්ත්වය සමඟ වැඩිමිලටවත් සබන් ලබා දිය හැකිදැයි ගැටලුවක් මතු වී තිබෙන බව කුමාරසිංහ මහතා සඳහන් කරයි.

මාර්තු මාසෙන් පස්සේ අපි සබන්වලට අවශ්‍ය අමුද්‍රව්‍ය ගෙන්නලම නෑ.. ඒ නිසා අපේ නිෂ්පාදනය සියයට 50කින් මේ වෙද්දී අඩු කරලා තියෙන්නේ.. මැයි මාසේ වගේ වෙද්දී අපේ සබන් නිෂ්පාදනය සම්පූර්ණයෙන්ම නවත්තන්නත් ඉඩ තියෙනවා.. අපිට ණයවර පත් එකක්වත් විවෘත කර ගන්න බැරි පසුබිමක බහුජාතික සමාගම්වලට නම් අමුද්‍රව්‍ය ගෙන්වා ගන්න බැංකුවලින් පහසුකම් සලකලා තියෙනවා කියලා පේනවා…

කුමාරසිංහ මහතා පවසන්නේ නීත්‍යනුකූල ලෙස ව්‍යාපාර කරන දේශීය ව්‍යාපාරිකයින් හට කළු සල්ලි නොමැති නිසා ව්‍යාජ ආකාරයෙන් ඩොලර් යවා අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීඹට හැකියාවක් නොමැති වගයි.

අමුද්‍රව්‍ය ගෙන්වා ගැනීමේදී දේශීය ව්‍යාපාරිකයන් ලෙස ආනයන බද්ද සියයට 40ක් ගෙවිය යුතු අතර බහු ජාතික සමාගම් ගෙවන්නේ සියයට 5කි. ඒ අනුව දේශීය ව්‍යාපාරිකයින් බහුජාතික සමාගම්වලට සාපේක්ෂව සියයට 35ක් වැඩියෙන් බදු ගෙවිය යුතු ය.

අපේ බද්දත් සියයට 40 සිට සියයට 5 දක්වා අඩු කළොත් සියයට දහයක හෝ පහළොවක පමණ මිල වැඩිකිරීමකින් සෑහීමට පත්වෙන්න අපිට පුළුවන්.. ඩොලර් එකේ මිල වැඩිවීම සීයට 65කින් වෙද්දී අපිට සියයට 35ක් බදු සහනයක් ලැබෙනවා නම් සියයට 15ක් අපි දරාගෙන මිල වැඩිකිරීම සියයට 15කට සීමා කරන්න පුළුවන්.. ජනතාව වෙනුවෙන් එවැනි දේ අපි කරන්න ඕනේ..

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඔහු පවසයි.

Exit mobile version