සජිත්ගේ අනාවරණයෙන් ආණ්ඩුව කුපිත වෙයි – නිලධාරීන්ට වහාම ස්ථාන මාරු

මේ වනවිට යාල වනෝද්‍යානයේ අක්කර 12000ක් බැහැර කොට විනාශ කිරීමට ආණ්ඩුව පිඹුරුපත් සකසන බවට වාර්තා වන බවත් වහාම එම ක්‍රියාමාර්ගය නතර කළ යුතු බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් හෙලිදරව් කිරීමත් සමග ආණ්ඩුවේ බලධාරීන් සහ දේශපාලන අධිකාරිය  කුපිත වී සිටී.

ඒ අනුව අදාල තොරතුරු විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත ලබා දුන් බවට චෝදනා එල්ල කරමින් තිස්සමහාරාමයේ රාජ්‍ය ආයතනයක නිලධාරීන්ට තර්ජන එල්ල වී තිබේ.ප්‍රදේශයේ දේශපාලන අධිකාරිය විසින් ලබා දුන් නියෝග ප්‍රකාරව එහි සේවය කරන නිලධාරීන්ට
වහාම ස්ථානමාරු ලබා දෙන්නට සූදානමක් පවතී.පදනම් විරහිත චෝදනා එල්ල කරමින් අදාල ස්ථාන මාරු සිදු කිරීමට කටයුතු යොදමින් තිබේ.

යාල වනෝද්‍යානයේ පළමුවන බිම් ප්‍රදේශයෙන් අක්කර 12,000 ක පමණ ප‍්‍රමාණයක් යම් රහසිගත කටයුත්තක් වෙනුවෙන් යොදාගැනීමට රජය සැලසුම් කරමින් ඇතැයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා චෝදනා කළේ ඊයේ(14)ය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ආකාස චෛත්‍යය දක්වා ජාතික වනෝද්‍යානය මැද්දේ නීති විරෝධී මාර්ගයක් ඇති කිරීමට සූදානමක් තිබෙන බව එහිදී විපක්ෂ නායකවරයා පැවසීය.

Exit mobile version