සජිත්ගේ ආශ්‍රිතයන් වූ මන්ත්‍රීවරුන් 15 දෙනෙකුට නිරෝධායන උපදෙස්

විපක්ෂ නායක කාර්යාලය වසා දමා කාර්යමණ්ඩලය නිරෝධායනයට...

Sajith-P

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


කොළඹ මාක්ස් ප්‍රනාන්දු මාවතේ පිහිටි විපක්ෂනායක කාලය කාර්යාලය තාවකාලිකව වසා දමා විපක්ෂ නායකවරයාගේ සමීපතම ආශ්‍රිතයන් සේ හඳුනාගත් තිස්ස අත්තනායක, අශෝක් අබේසිංහ, ජෙනරාල් සරත් ෆොන්සේකා ඇතුළු මන්ත්‍රීවරුන් 15දෙනෙක් නිරෝධායනය කර ඇතැයි වාර්තා වේ.

පාර්ලිමේන්තුවේ කැමරා දර්ශන නිරීක්ෂණයෙන් මෙම ආශ්‍රිතයන් හඳුනාගෙන ඇති බව විපක්ෂ නායක කාර්යාල ආරංචි මාර්ග පවසයි.

ඊට අමතරව විපක්ෂ නායක කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද නිරෝධායනයට යොමු කර තිබේ. ඔවුන් සියලු දෙනාම අද පී.සී.ආර්. පරීක්ෂණ වෙත යොමු කර ඇත. සමගි ජනබලවේගයේ ප්‍රධාන කාර්යාල කටයුතු ද සීමා කර ඇතැයි වාර්තා වේ.

Exit mobile version