සංචරණ සීමා සමයේ අනවශ්‍ය ගැබ් ගැනීම් නවත්වන්න කල් ඉකුත්වූ බෙහෙත් බෙදලා…

දිනසේන රතුගමගේ –

වවුනියාවේ පවුල් සෞඛ්‍ය සේවිකාවන් පිරිසක් විසින් පවුල් සංවිධාන කටයුතු සදහා මව් වරුන් අතර බෙදා දී ඇති ඖෂධ කල් ඉකුත් වූ ඖෂධ බවට මව් වරුන් විශාල පිරිසක් වවුනියාව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය වෙත පැමිණිලි කොට තිබේ.

කොරෝනා වසංගත කාලය  ඇතුළත අනවශ්‍ය ගැබ් ගැනීම්වලින් වැළකී සිටින ලෙස සෞඛ්‍ය අංශ  ජනතාවට දැණුම් දීමත් සමගම පවුල් සෞඛ්‍ය සේවිකාවන් තම පළාත් වල සිටින විවාහක කාන්තාවන් අතර පවුල් සංවිධාන කටයුතු  සඳහා අවශ්‍ය ඖෂධ වර්ග බෙදා දීමට පටන් ගෙන තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මෙසේ බෙදා දෙන ලද ඖෂධ හා ගැබිණි මව්වරුන්ට බෙදා දෙන ලද විටමින් ඖෂධ කල් ඉකුත් වූ ඖෂධ බවට පැමිණිලි ලැබීමෙන් පසුව බෙදා දෙන ලද ඖෂධවලින් විශාල ප්‍රමාණයක් පවුල් සෞඛ්‍ය සේවිකාවන් විසින් ආපසු එකතු කරගෙන තිබේ.


Exit mobile version