සංචරණ සීමා ක්‍රියාත්මක වියයුතු ආකාරය ගැන උපදෙස් අද දිනය තුළ

අමාත්‍ය ගම්මන්පිල

පළාත් අතර සංචරණ සීමා අද රාත්‍රියේ සිට ක්‍රියාත්මක වුවද මෙම සීමා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳව නිසි මඟ පෙන්වීමක් තවමත් නිකුත් වී නැති බවත් අද දිනය තුළ ජනාධිපතිවරයාගේ ප්‍රකාශකයා විසින් මේ පිළිබඳ ව පැහැදිළි ව ඉදිරිපත් කරනු ඇති බවත් බලශක්ති අමාත්‍ය සහ සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.

අද උදෑසන පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් ඔහු ප්‍රකාහ කළේ මෙම සංචරණ සීමාව කිසිසේත් සංචරණ තහනමක් නොවන බවයි.

අත්‍යවශ්‍ය සේවා සහ ආර්ථික ක්‍රියාවලියට සම්බන්ධද ක්‍රියාකාරකම්වලට බාධාවක් නොවන පරිදි මෙම සංචරණ සීමා පැනවීමට නියමිත බවත් ඒ පිළිබඳව අදාළ විශේෂඥයන් විසින් මේ වනවිට මඟ පෙන්වීම් මාලාවක් සකසමින් පවතින බව ද ඔහු මෙහිදී ප්‍රකාශ කළේය.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


අමාත්‍ය ගම්මන්පිල පවසන්නේ රාජ්‍ය ප්‍රතිපත්තිය වන්නේ ජනතාවගේ ගමන් බිමන් සීමා කිරීම වන අතර අපනයන ක්‍රියාවලිය, රාජ්‍ය යාන්ත්‍රණය , අපනයන කටයුතු සහ කෘෂිකර්මාන්තය , බැංකු සහ සෞඛ්‍ය ආදී අත්‍යවශය සේවා සම්බන්ධයෙන් වෙන් වෙන් වශයෙන් මෙම මාර්ගෝපදේශන මත සංචරණ සීමා පැනවීමේ බලාපොරොත්තුවක් පවතින බවය.

Exit mobile version