සංඝරත්නය පාවිච්චි කර රාජකාරියට බාධා කළ “නිව් රත්න හාල්“ ට ආණ්ඩුවෙන් නඩු

රහසිගතව සහල් තොග ගබඩා කරගෙන සිටි මහා පරිමාණ සහල් මෝල් වැටලීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස්වරයා , පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා ඇතුළු නිලධාරීන් පෙරේදා (08) ගිය අවස්ථාවේදී පොළොන්නරුවේ නිව් රත්න සහල් නැමැති මහා පරිමාණ ව්‍යාපාර ආයතනය ඔවුන්ගේ රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියා මාර්ග ගැනීමට බලාපොරොත්තු වන බව පාරිභෝගික කටයුතු අධිකාරියේ ප්‍රකාශකයෙක් ලංකාසරට පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


එල්.මිත්‍රපාල නැමති ව්‍යාපාරිකයාට අයත් මෙම රත්න සහල් ගබඩාවට ඇතුළු වීමට යන අවස්ථාවේ එම ආයතන කළමනාකාරීත්වය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසක් සංවිධානාත්මතව යොදවා එම කටයුත්තට බාධා කළ බව එම ප්‍රකාශකයා සඳහන් කළේය.ඔවුන් ගේ බාධා කිරීම් මැද අත්‍යව්‍යය සේවා කොමසාරිස් මේජර් ජනරාල් එස් නිවුන්හැල්ල. පාරිභෝගික කටයුතු අධිකාරියේ සභාපති මේජර් ජනරාල් ශාන්ත දිසානායක ඇතුළු නිලධාරීන් මෙම සමාගමට අයත් වැලිකන්ද ප්‍ර‍දේශයේ සහයේ සහල් ගබඩාවක් පරීක්ෂා කිරීමට යාමේදී එවැනි බාධා කිරීමක් සිදුවූ බව සඳහන් වේ. රාජකාරියට මේ අයුරින් බාධා කිරීම සම්බන්ධයෙන් අදාළ නෛතික පියවර ගැනීමට නියමිත බව මෙම ප්‍රකාශකයා සඳහන් කළේය.

Exit mobile version