සංකූලතා සහිත ඩෙංගු රොගීන් වාර්තා වීම වැඩිවෙයි…

ශ්‍රියානි විජේසිංහ –                                           

ඩෙංගු රෝගය වැලදී රෝහල් ගතවන පීරිස අතර සංකූලතාවන්ට ලක්වන  පිරිස ඉහළ යමින් පවතින බව  අයිඩීඑච් උණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම සඳහන් කරයි.

උණ රෝගය වැළදී පැය 48ක් ගත වූ පසුව සම්පූර්ණ රුධිර පරික්ෂාවක කර ඩෙංගු බවට තහවුරු වන්නේ නම් වහාම රජයේ රෝහලක් වෙත ඇතුළත් ව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නැයි වෛද්‍ය විජේවික්‍රම  සඳහන් කරයි.

බොහෝ දෙනෙකු උණ රෝගය වැළදී දින 5ක් පමණ නිවසේ ගත කර රෝගය උත්සන්න වී සංකූලතාවන් මතුවීමත් සමග  රෝහල් ගතවීම හේතුවෙන් බරපතල තත්ත්වයන් පෙන්නුම් කරන බවද වෛද්‍ය විජේවික්‍රම පහදා දෙයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


මේ වන විට අයිඩීඑච් උණ රෝහල තුළ  දෛනිකව ඩෙංගු රෝගීන් 70 – 80 ක් පමණ ප්‍රතිකාර ලබන බවද රෝහල් වාර්තා සනාථ කරයි.


Exit mobile version