ශිෂ්‍ය උද්ඝෝෂණයට අමානුෂික පහරදීම ගැන අහන්න පොලිස් ඇමති ටිරාන්, මානව හිමිකම් කොමිසම හමුවට කැඳවයි!

පසුගිය මාර්තු 7 හා 8 දිනවලට කොළඹ හා කැළණිය විශ්ව විද්‍යාලවල ශිෂ්‍ය විරෝධතා මර්දනයේදී ක්‍රියා කළ ආකාරය පිළිබඳ කරුණු විමසීම සඳහා මහජන ආරක්ෂාව පිළිබඳ අමාත්‍ය ටිරාන් අලස් , ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවට කැඳවා තිබේ.

ඒ අනුව, මෙම විරෝධතාවලදී පොලීසිය ක්‍රියා කළ ආකාරය පිළිබඳව කරුණු විමසීමට ලබන 13 වැනිදා පෙරවරු 10ට කොමිසම හමුවේ පෙනී සිටින ලෙස අමාත්‍යවරයාට දන්වා ඇත.

 Army
අන්තරේ විරෝධතා පා ගමනට ගහන්න පැමිණි ශ්‍රී ලංකා යුද හමුදාව…. කොළඹ විශ්වවිද්‍යාලය අසල…

මීට අමතරව, කොළඹ විශ්ව විද්‍යාලය හා කැළණියේදී පොලීසිය හා යුධ හමුදාව, ක්‍රියා කළ ආකාරය සම්බන්ධයෙන් වෙනම පරීක්ෂණයක් පැවැත්වීමට ද ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව තීරණය කර තිබේ.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ඒ අනුව, මේ වනවිටත් අදාළ සිදුවීම් සිදු වන දිනයන්හිදී එම ප්‍රදේවල සේවයේ යොදවා සිටි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගේ නම් ලැයිස්තුවක් මානව හිමිකම් කොමිසම වෙත ලබා දෙන ලෙස ද, එම කොමිසම පොලිස්පතිවරයාගෙන් ඉල්ලා ඇති බව වාර්තා වෙයි.


Exit mobile version