ශිවාජිලිංගම් ලක්ෂ දෙකක පෞද්ගලික ඇප මත නිදහස්…

දිනසේන රතුගමගේ –

යාපනයේ කෝපායී පොලීසිය විසින් අත් අඩංගුවට ගෙන යාපනය  අධිකරණයට ඉදිරිපත් කළ හිටපු මන්ත්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා යාපනය මහේස්ත්‍රාත් පීටර් පෝල්   විසින් රුපියල් ලක්ෂ දෙකක පෞද්ගලික ඇප මත 16 දා දහවල් නිදහස් කොට තිබේ.

කෝපායී පොලීසිය ඔහුව අත් අඩංගුවට ගෙන තිබුණෙ අධිකරණයේ තහනම් නියෝගය නොසලකා ජාතීන් අතර අසමගිය ඇති වන ආකාරයේ වැකි සහිත බැනරයක් ප්‍රදර්ශනය කරමින් යාපනයේ නල්ලූර් ප්‍රදේශයෙදී තිලීපන් ගේ 33 වෙනි ගුණ සමරු උළේලක් පැවැත්වීමේ චෝදනාව මතයි.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශිවාජිලිංගම් හිටපු මන්ත්‍රී වරයාට මේ මස 25 වෙනිද අයළි අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා නියෝග කොට තිබේ.


Exit mobile version