ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ ඉල්ලීම් සම්බන්ධව සුබවාදී පියවරක් ගන්නවා…

බලාපොරොත්තු සහගතව සිටින්න... ඉන්දීය අගමැති නරේන්ද්‍ර සිං මෝදි උතුරේ දෙමළ ජනතාවට කියයි...

දිනසේන රතුගමගේ –

ශ්‍රී ලාංකික දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ලෙස ඉන්දියාවෙන් කෙරෙන ඉල්ලීම් සම්බන්ධයෙන් ඉතා සුබවාදී පියවරක් ඉන්දියාව විසින් අනුගමනය කරණ බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේද්‍ර ශ්‍රී මෝදි ඊයේ (14) ඉන්දියාවේ චෙන්නායි නුවරදී පැවසීය.

චෙන්නායී නුවර සංචාරයක් ආරම්භ කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එහි පැවති ජනහමුවක් අමතා ප්‍රකාශ කළේ තමන් හැර වෙනත් කිසිදු ඉන්දීය අගමැතිවරයෙකු ශ්‍රී ලංකාවේ යාපනයට ගොස් නොමැති බවය.

ඉන්දියාව විසින් යාපනයේ ඉදිකොට ඇති සංස්කෘතික මධ්‍යස්ථානය විවෘත කිරීම සඳහා තමන් ළඟදීම යළි යාපනයට යන බව පැවසූ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා එම සංචාරයේදී ශ්‍රී ලංකා රජය විසින් අත් අඩංගුවට ගෙන සිටින ඉන්දීය ධීවරයින් පිරිස නිදහස් කර ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කොට විසඳුමක් ලබා ගන්නා බවද පැවසීය.


එසේම ඉන්දීය අත් අඩංගුවේ සිටින ශ්‍රී ලාංකික ධීවරයින් ඉතා කඩිනමින් නිදහස් කිරීමටත් ඔවුන්ගේ 300 ක්  පමණ වූ යාත්‍රා ආපසු ලබා දීමටත් කටයුතු කරන බවද  මෝදි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


වත්මන් ඉන්දීය මධ්‍යම රජය තරම්  ශ්‍රී ලංකාවේ දෙමළ ජනතාවට උපකාර කළ වෙනත් රජයක් ඉන්දියා ඉතිහාසයේ නොතිබූ බව සඳහන් කළ ඉන්දීය අග්‍රාමාත්‍යවරයා මේ වන විට ඉන්දියානු ආධාර මත උතුරු නැගෙනහිර පළාත්වල නිවාස 50000 ක් ඉදිකිරීම පලාලී ගුවන් තොටුපල සංවර්ධනය කිරීම අධ්‍යාපන හා සෞඛ්‍ය ආධාර ලබාදිම ඇතුලු  බොහෝ සංවර්ධන කටයුතු ඉටු කොට ඇති බවද පැවසීය.

Exit mobile version