ශ්‍රීලනිපය හැර නොයන බව සහතික කරන ලියැවිල්ලට අත්සන් නොකර තිලංග මාරු වෙයි

මහා මැතිවරණයට පසු පක්ෂය හැර නොයෑම තහවුරු  කිරීම සඳහා ශ්‍රි ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභාවේ දී ඊයේ (18)  ඉදිරිපත් වූ යෝජනාවට අත්සන් නොකර තිලංග සුමතිපාල පමණක් මග හැර ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම යෝජනාව ඉදිරිපත් වී ඇත්තේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේ ඊයේ (18) සවස රැස් කළ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දීය.

ඒ අවස්ථාවේ  දී ඉදිරි දේශපාලන කටයුතු සම්බන්ධව සාකච්ඡා කෙරෙන අතර මහා මැතිවරණයෙන් පසු පක්ෂය හැර නොයන බවට අත්සන් කර   විශ්වාසය තහවුරු කිරීමේ ලියැවිල්ලක් සභාවට ඉදිරිපත් කර තිබේ.   අවසානයේ ලේඛණය පිරික්සීමේදී මෙවර ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් අපේක්ෂකත්වයත් ලබාගෙන සිටින තිලංග සුමතිපාලගේ අත්සන පමණක් නොමැති බව දැක ඇත.


සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


තිලංග සුමතිපාල ඒ අවස්ථාව මගහැර ගොස් ඇත්තේ  මෙවර ඡන්දය සඳහා නාමයෝජනා නොලැබුණු මන්ත්‍රී වරු ඇතුළු මධ්‍යම කාරක සභාවේ සෑම සාමාජිකයෙක්ම ඊට අත්සන් කරද්දී ය. එහෙත් යම් හෙයකින් කුමණ අවස්ථාවක හෝ අයෙක් පක්ෂය හැර ගියහොත් ඒ හැරගිය පුද්ගලයාගේ පක්ෂ සාමාජිකත්වය අහෝසි කර පක්ෂයෙන් ඉවත් කළ හැකි ලෙස නීති සම්පාදනය කර ඇතැයි ශ්‍රී ලංකා නිදහස්  පක්ෂ ආරංචි මාර්ග පවසයි.

 

 

Exit mobile version