ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ තීරණාත්මක අවසන් දිනයට වර්ෂාවෙන් බාධා!

ක්‍රයිස්චර්ච් හි පැවැත්වෙන ශ්‍රී ලංකා නවසීලන්ත පළමු ටෙස්ට් තරගයේ අවසන් දිනයට වර්ෂාවෙන් බාධා වී තිබේ.

අද උදේ වරුවේ වර්ෂාව ඇදහැලීමේ සම්භාවිතාව සියයට 90ක් බවට ඊයේ කළ පුරෝකථනය තහවුරු වී ඇත.  අද දිනයේ  නවසීලනත් වෙලාවෙන් සවස 2.50ට තරගය අද දිනයේ පවත්වනවා ද නැද්ද යන්න පිළිබඳ නිශ්චිත තීන්දුවක් ගැනීමට නියමිතය.

පවතින තත්ත්වය අනුව තරගය ජය පරාජයෙන් තොරව නිමා වීමේ විශාල සම්භාවිතාවක් තිබේ. ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන නවසීලන්ත කණ්ඩායම ඊයේ තරගය නිමා කරන විට ලකුණු 28කට කඩුල්ලක් දැවී තිබුණේය.  නායක කේන් විලියම්සන් ලකුණු 07ක් සහ ටොම් ලැතම්  ලකුණු 11ක් ලබාගෙන නොදැවී පන්දුවට පහර දෙමින් සිටියේය.  ඩේවිඩ් කොන්වොයි කසුන් රාජිතට ගොදුරු වූයේය. ඒ ලකුණු 05ක් ලබා සිටියදීය.

සම බරව ඇත්ත කියන ලංකාසර පුවත් ඔබට සෑම විටෙක දැකීමට ඕනෑ නම් පහත අපේ වට්ස්ඇප් / ටෙලිග්‍රෑම් සමූහයන්ට එක්වෙන්න.


ශ්‍රී ලංකා මුල් ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 355කි. නවසීලන්ත පළමු ඉනිම සියල්ලන්ම දැවී ලකුණු 373කි. ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිමේ දී ලකුණු 302කට සියල්ලෝ දැවී ගියහ.  මුල් ඉනිමේ ලකුණු 18ක් ඉදිරියෙන් සිටි නවසීලන්ත කණ්ඩායම ලකුණු 285ක ජයග්‍රාහී ඉලක්කයක් වෙත යමින් සිටියේය.


Exit mobile version